දොඩන්ගස්ලන්ද සමූපකාරය මහින්ද පිලට විශිෂ්ට ජයක්.. පොහොට්ටුවට 68යි.. හවුල් ආණ්ඩුවට 32යි..
August 1, 2017 at 8:40 am | lanka C news
කුරුණෑගල දිස්ත්රික්කයේ සි/ස දොඩම්ගස්ලනද විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙනක් පසුගිය දා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට සි/ස දොඩම්ගස්ලනද විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 100 දෙනාගෙන් 68 දෙනෙකුම පත්වීම අති විශිෂ්ට ජයග්රහණයකි. ආණ්ඩුවේ ප්රමුඛ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 32 කු පමණි.
ඒ අනුව සි/ස දොඩම්ගස්ලනද විවිධ සෙවා සමුපකාර සමිතියේ අධ්යක්ෂවරුන් 7 දෙනාගෙන් 6 ක් පොහොට්ටුව ප්රමුඛව පොදු විපක්ෂයෙනුත් 1 ක් අයෙකු ආණ්ඩුවේ පාර්ශවයෙනුත් පත් විය.