දොන් ජුවන් ධර්මපාලගෙන් පසු රට පාවාදුන්නේ මහින්ද රාජපක්ෂයි..- මෛත්රී
May 2, 2017 at 1:20 pm | lanka C news
දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මෙරටින් කොටසක් විදේශිකයන්ට සින්නක්කරව පවරා දෙනු ලැබුවේ පසුගිය රජයේ පාලකයන් විසින් යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ ගාළු මුවදොර ඉදිරියේ වරාය නගරයෙන් කොටසක් පසුගිය පාලනය විසින් චීනයට සින්නක්කිරව ලබා දී තිබූ බවත් තම රජය යටතේ එම ගිවිසුම වෙනස් කර බදු ක්රමයට එය ලබා දීමට එකග වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මේ අදහස් පල කරනු ලැබුවේ මහනුවර ගැටඹේ ක්රීඩාංගනයේදී පැවති ශ්රීලනිප මැයි රැළිය අමතමිනි.