දොලොස් මහේ සුපිරි වෙළෙද සැල කඩා ලක්‍ෂ ගණනක් සොරා ගනී…

November 23, 2018 at 2:17 am | lanka C news
දොලොස් මහේ සුපිරි වෙළෙද සැල කඩා ලක්‍ෂ ගණනක් සොරා ගනී…

අම්බලන්ගොඩ සුප්‍රසිද්ධ සුමනදාස සමූහ ව්‍යාපාරයට අයත් දොලොස් මහේ සුපිරි වෙළෙද සැල කඩා රුපියක් ලක්ෂ දෙකකට (2,00000/-) ආසන්න වටිනාකමකින් යුතු මුදල් හා භාණ්ඩ සොරකම් කරන ලද බාලවයස්කාර සැකකරුවන් තිදෙනකු (03) අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිසරණගම, ගල්පාත, කළුතර ලිපිනයේ පදිංචි සංජීව පුෂ්ප කුමාර (17), මල්වත්ත පාර, උතුරු කළුතර ලිපිනයේ පදිංචි උදේශ් ශ්‍රීමාල් (16) සහ උග්ගල්බඩ, උතුරු කළුතර ලිපිනයේ පදිංචි තිලිණ දිල්ශාන් (17) යන තිදෙනාය.

පසුගිය 17 දා රාත්‍රී සිය වෙළෙද සැල හොරු කඩා ඇති බවට වෙළෙද සැලේ හිමිකාරිය විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා දින දින 05 ක් ඇතුලත සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසියට හැකි වී තිබේ. වෙළෙද සැලේ තිබූ මුදල් රුපියල් 50,000/- ක් සහ තවත් රුපියල් ලක්ෂ 1 ½ කට අධික වටිනාකමකින් යුත් නිමි ඇදුම්, රෙදි හා ලෙදර් භාණ්ඩ මෙසේ සොරකම් කර තිබෙන බවද පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ. භාණ්ඩ වල වටිනාකම නිසි පරිදි ගණන් බලා නැති බවත් එය මීට වඩා වැඩිවිය හැකි බවත් පැමිණිලිකාරිය විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත.

අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාට ලැබුණ තොරතුරකට අනුව උතුරු කළුතර ප්‍රදේශයේ සැගවී සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද භාණ්ඩ සහ සොරකම් කරන ලද මුදලින් මිළ දී ගන්නා ලද සුපිරි ජංගම දුරකතනයක්ද පොලීසිය මගින් සොයාගෙන තිබේ. සැකකරුවන් ලාබාල වයසේ පසුවන අය බවත් ඔවුන් කිසිවෙක් පාසැල් නොයන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි. සැකකරුවන් විසින් වෙළෙද සැලේ වීදුරු දොරවල් අලවංගු යොදා කඩා වෙළෙද සැලට ඇතුල් වී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

16 views
Main News