දොස්තරලාගේ කුණහරුප වලිය දුරදිග යයි.. මරණ තර්ජන.. සියළු තොරතුරු හෙලිවෙයි…

August 25, 2018 at 3:00 pm | lanka C news
දොස්තරලාගේ කුණහරුප වලිය දුරදිග යයි.. මරණ තර්ජන.. සියළු තොරතුරු හෙලිවෙයි…

පසුගිය 23 වන දින ගාල්ල නෙළුව ප්‍රාදේශීය රෝහලේ සේවය කරන ස්ථාන භාර වෛද්‍ය නාලක කොඩිප්පිලි මහතා එම රෝහලේම සේවය කරන තවත් වෛද්‍ය වරයකු තමුන්ට මරණීය තර්ජනය සිදු කල බවට නෙළුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

පසුගිය (23) දින රෝහල් පරීශ්‍රයේදී වෛද්‍ය නාලක කොඩිප්පිලි මහතා වෙත පැමිණි හිටපු ස්ථාන භාර වෛද්‍ය ආර්.පී වේවැල්දෙණිය මහතා පැමිණ බැනවදිමින් මරණ තර්ජන එල්ල කල බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්.

නිවාඩු ලබා ගැනීමක් පිළිබඳව ඉහළ පරිපානයට දැන්වීමක් නිසා කුපිතවී මෙම තර්ජනය කිරීම සිදු කල ඇති බැව් පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සිදුවීමට අදාළ නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක කොඩිප්පිලි මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසු විට,

එවැනි සිදුවීමක් සිදුවූ බවත් එසම්බන්ධයෙන් නෙළුව පොලිසියට පැමිණිල්ලක් යොමු කල බව කියා සිටියේය.තමුන් නෙළුව ප්‍රාදේශීය රෝහලේ පත්වීම ලැබූ දිනයේ පටන් මේ දක්වා හිටපු ස්ථාන භාර වෛද්‍ය ආර්.පී.වේවැල්දෙණිය මහතාගෙන් නිරන්තර පීඩාවට පත්වූ බව පවසන හෙතෙම මේ සම්බන්ධයෙන් අවස්ථා හතරකදී නෙළුව පොලිසියේ පැමිණිලි සටහන් කල බව පැවසීය.

පහරදී බැන තර්ජනය කාලයයි පවසන හිටපු නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ආර්.පී.වේවැල්දෙණිය මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ මෙසේයි.

23 වෙනිදා දහවල් 12.05 (දොළහයි පහට ) පමණ මම රාජකාරි අවසන් කරලා පැමිණියේ.ඔය නාලක කියන වෛධ්‍යවරයා මට මොනාහරි කියනවා වගේ දැනුනා.මම ඇහුවා මොකක්ද කියන්නේ කියලා.ඊට පස්සේ මට බුරුවා පලයන් යන්න කියලා බැන්නා.බුරුවා කියලා බාන්නට පස්සේ මට කේන්ති ගියා. නාලක කියන වෛද්‍යවරයා පරිපාලනය ගැන කිසිත් දන්නා මනුස්සයෙක් නෙමෙයි.ඒ ගැටලුවලින් දිගින් දිගටම රාජකාරියට බාධා එල්ල කරනවා.ලියුම් ගහනවා,රාජකාරී ගැටළු ඇති කරනවා.ඒ ගැන අහන්නත් එක්ක හිටියේ.ඔය අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා වීඩියෝ ක්ලිප් එක සංස්කරණය කරපු එකක්.නියම එක නෙමෙයි.මේ වෛද්‍යවරයා සංවිධානය වී තමයි මෙතනට පැමිණිලා සියල්ල වීඩියෝ කරන ගමන් මැග කුපිතවන ආකාරයෙන් හැසිරිලා ඒ වීඩියෝව මුදා හැරලා තියෙන්නේ.නියම වීඩියෝ ක්ලිප් එක බැලුවනම් තේරුම් යනවා මෙතන සිදුවුණු ඇත්ත සිදුවීම මොකක්ද කියලා.කොහොම වුනත් මම සිදුකලේ වරදක් ඒ ගැන මම පිලිගන්නවා.

සිද්දිය සම්බන්ධයෙන් නෙළුව පොලිසියේ ඉදිරිපත් කල පැමිණිල්ල අනුව එළඹෙන 29 වන දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතා පැවසීය.

– ප්‍රියංක ගමගේ

56 views
Main News