දොස්තරලාගේ පාදඩ වර්ජනයට මුහුණ දෙන්න සූදානම්.. රජය පෙරලන්නයි මේ හදන්නේ.. ඒකට ඉඩ දෙන්නේ නෑ..

May 3, 2017 at 7:06 am | lanka C news
දොස්තරලාගේ පාදඩ වර්ජනයට මුහුණ දෙන්න සූදානම්.. රජය පෙරලන්නයි මේ හදන්නේ.. ඒකට ඉඩ දෙන්නේ නෑ..

රජය පෙරළීමෙ අරමුණින් සිදු කරන පාදඩ වර්ජන වලට මුහුණ දීමට සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හා වෘත්තීය සමිති ව්‍යාපාර ඉදිරියේ දී පවත්වන බව කියන වර්ජනය පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“වෙසක් පොහොයෙන් පසු වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සුදානම් වන බව මාධ්‍ය ඔස්සේ පළ කර තිබුනා. තවද වෙසක් උත්සවයෙන් පසු දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයකට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන බවත්, මාධ්‍ය මගින් පළ කර තිබුනා. මාධ්‍ය ඔස්සේ වාර්තා වූ මෙම වර්තා සැළකිල්ලට ගැනීමෙි දී රජය පෙරළා දැමීමෙි අරමුණින් එය සිදු කරන බව කියන්න කැමැතියි. මෙය දේශපාලන වැඩපිළිවෙලක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධ විපක්ෂය බලයට ගෙනඒමට උත්සාහ කරනවා. එයට ඉඩදෙන්නේ නැහැ. 2015 ජනවාරි 08 දින මනුෂ්‍ය ඝාතකයින්, හොරුන් පරාජයට පත් කළා. එම පිරිස යළි බලයට ගෙනඒමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය උත්සාහ කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක්. සාකචිඡා මාර්ගයෙන් ප්‍ර්‍රශ්න විසදා ගන්න පුළුවන්. අපි වර්ජනවලට සෘජුව මුහුණ දෙනවා.”

වෙසක් පොහොයට පසු වර්ජන සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මගින් සිදු කරන එකම ප්‍රකාශය මත රජය පෙරලා දැමීමෙි උත්සාහයක් ඇති බව මනාව ඔප්පු වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

46 views
Main News