දොස්තරලාට විතරක් දීමනා වැඩි කරන්න එපා.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජන අරඹති..

June 8, 2021 at 12:00 pm | lanka C news
දොස්තරලාට විතරක් දීමනා වැඩි කරන්න එපා.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජන අරඹති..

සමස්ත සෞඛ්ය කාර්ය මණ්ඩලවල දීමනා වැඩි නොකර වෛද්‍යවරුන්ට පමණක් අමතර සේවා දීමනාව වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති බලමණ්ඩලය කියා සිටී.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් ලබා නොදුනහොත් එළඹෙන සිකුරාදා දින සිට රට පුරා රෝහල්වල විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන බවද ඔවුන් අවධාරණය කරයි.

මෙම ගැටලුකාරී තත්ත්වයේ වගකීම අමාත්‍යාංශය විසින් භාරගත යුතු බව ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

කොරෝනා රාජකාරිවල යෙදෙන අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා වැඩිකිරිමට කටයුතු කරන බවට සෞඛ්‍ය ඇමතිණිය සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී පොරොන්දු වූ බවත් එම එකඟතාවය කඩමින් වෛද්‍යවරුන්ට පමණක් අමතර සේවා ලබාදීම ගැටලුවක් බවද ඔවුන් කියා සිටී.

20,180 views

10 Comments to “දොස්තරලාට විතරක් දීමනා වැඩි කරන්න එපා.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජන අරඹති..”

  1. SL says:

    Only country in the world where pay hike is demanded when the country is on a pendamic .
    Shame on you health care sector!!!

  2. SL says:

    ආණ්ඩුවලට බදු නැහැ,සල්ලි හොයාගන්නේ ණය වෙලා.ඒ අස්සේ දොස්තරලයි කට්ටිය පඩි වැඩි කිරීමක් ,දීමනා ඉල්ලනවා

    මුන් නම් මහා කුහක ,අමුම අමු කුණු ලොබහයෝ ටිකක්. මිනිස්සු මරෙන්නයනවා මුන් පඩි වැඩි කරලා ඉල්ලනවා.

    ආමි. පොලිස් උන්ට මල් තියල වඳින්න ඕනේ .

    • දොස්තර says:

      දැන් මෙතන පඩි වැඩි කරන්න කියලා ඉල්ලන්නේ දොස්තරලාද​?

      • නවසිලන්තෙන් ඉගෙන ගමු says:

        නෑ දොස්තරලා වැඩේ කරගෙන ඉවරයි ,

        ” වෛද්‍යවරුන්ට පමණක් අමතර සේවා දීමනාව වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති බලමණ්ඩලය කියා සිටී. ”

        දැන් ඉතිරි උන් ටික ……………විලි ලජ්ජා නැතිද ..

      • dilky says:

        Doctors asked for the hike at backdoor and government has settled for it. So the answer to your question is “YES”

        • ​දොස්තර​ says:

          හරි ඉතින්, ඕන එකෙක් ඕන මගුලක් ඉල්ලලා වැඩි කරගත්තුදෙන්, අපෙන් ගේම ඉල්ලන්නේ නැතිව​.

  3. 🙏👀🙏🙏 says:

    ඉස්පිරිතාලයක අයිතියි ඇත ලෙඩ්ඩුන්ට
    දොස්තර නර්ස්වරු වැඩ කරනව පඩියට
    වාට්ටු පිරිසිදු කරන්නත් අයිති ඒ නඩයට
    ගරුව තුන්දෙනාම සලකමු දී වැඩි පඩියට

  4. sunimal says:

    මැතිසබේ ඉන්න අයගේ දීමනා අඩු කර මේ සියලු දෙනාට මේ ඉල්ලීම ලබා දෙන්න

  5. Aurora says:

    දොස්තරලට පඩි වැඩිකරන්නෙ මොකද, උන්ට කොරෝනා සුව කරන්න ප්‍රතිකාර තියනවද? ඒත් උන් ආන්ඩුවට සපෝට් එන්නත ගෙනෙන්න, එතකොට ආන්ඩුවෙ උන්ට කොමිස් ගහන්න පුලුවන්. ඒක තමයි රහස, මුන් පට්ට හොරු. හෙළ වෙදකමින් ලෙඩ්ඩු සුවකලොත් මුන්ට කොමිස් ලැබෙන්නෙ නැහැ, ඒ නිසා බොරු PCR කරමින් ලෙඩ්ඩු මවමින් රට වහන් ඉන්නවා.