දොස්තරලා ඇතුළු වෘත්තිය සමිති 150ක් අනිද්දා වැඩ වර්ජනයේ.. 09න් පසු අඛණ්ඩ වැඩ වර්ජනයේ..
May 3, 2017 at 12:40 pm | lanka C news
අනිද්දා දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් එක් දින වැඩ වර්ජනයක් කැදවා ඇත.
සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ආණ්ඩුව පිලිගත හැකි විසඳුමක් ලබා නොදීමට විරෝධය දැක්වීම මෙම විරෝධතාවයේ අරමුණයි.
මෙම වැඩ වර්නය සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ඇතුළු වෘත්තීය සමිති 150කට අධික ප්‍රමාණයක් එක්වෙයි.
රජය ඉන් පසුද විසදුමක් ලබා නොදෙතොත් මැයි 9 රට පුරා අකණ්ඩ වැඩ වර්ජනයක් කැදවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.