දොස්තරලා දණ නොනමති.. සටන අත නාරී.. අනිද්දා සිට යලි රට පුරා අඛණ්ඩ වර්ජනයේ..
July 3, 2017 at 3:50 pm | lanka C news
අනිද්දා දිනයේ (05) සිට රට පුරා සියළු රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මීට අනුමැතිය හිමිවූ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහල ජනසතු කරීම වර්ජනයේ ප්‍රධානතම ඉල්ලීම වෙයි.