දොස්තරලා දෙදෙනෙකු වකුගඩු ජාවාරමක..

June 2, 2022 at 10:40 am | lanka C news
දොස්තරලා දෙදෙනෙකු වකුගඩු ජාවාරමක..

වෛද්‍යවරුන් දෙදෙනකු කරන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බවයි.

කොළඹ හැව්ලොක් පාර පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් දෙදෙනකු වකුගඩු ජාවාරමක් සිදු කරන බවයි.

මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වෙයි. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර තිබේ. ඒ විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමිනි.

2013 වර්ෂයේද මෙකී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත. එම සැකකරුද මෙම වෛද්‍යවරුන් දෙදෙනා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

– Aruna

50,496 views

3 Comments to “දොස්තරලා දෙදෙනෙකු වකුගඩු ජාවාරමක..”

  1. Ratta says:

    දෙන්නෙක් වකුගඩු ජාවාරමක
    බහුතරයක් ඖෂධ ජාවාරමේ

  2. The Funeral Director says:

    මෙය ජාවාරමක් නොවෙි. ශල්‍යකර්ම ගාස්තු අඩු නිසා වෛද්‍ය සේවය ලබා ගැනීමට ලංකාවට පැමිනීමකි.
    මෙවැනි වෛද්‍ය සේවාවන්ට පහසුකමි තව දුරටත් සපයා, නීත්‍යානුකූලව මෙවැනි සේවා සැපයීමට දැන්වත් කිුයා කලොත් රටට විදෙස් විනිමය උපයාගත හැක.

  3. ලපයා says:

    උන් දෙන්නා වෙනුවෙන් නිර්පාක්ෂික නීතිඥ කක්කඩි පෙනී සිටිවි

Main News