දොස්තරලා පවුල්වලට විදගන්න නිසා එන්නත් හමුදාව යටතට…

August 30, 2021 at 6:23 am | lanka C news
දොස්තරලා පවුල්වලට විදගන්න නිසා එන්නත් හමුදාව යටතට…

කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.

ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.

එලෙස එන්නත ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත.

සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය.

ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.

– lankadeepa

55,024 views

42 Comments to “දොස්තරලා පවුල්වලට විදගන්න නිසා එන්නත් හමුදාව යටතට…”

  1. කුඹුක්කණ් says:

    දොස්තරලත් මෙච්චරම බූරුවොද? දිනෙන් දින අසාර්ථක කම පෙන්නන , ටෙස්ට්ටින් තත්වයේ තියෙන මේ වැක්සීන් තමන්ගේ ළමයින්ටත් එන්නත් කරන්නෙ.
    මේ වයෙ දිගුකාලීන අතුරු ආබාධ කිසිවක් ටෙස්ට් කරලා නෑ, ටෙස්ට් කරන්න කාලයක් නෑ.
    උඹලගෙ මෝඩකං වලට ළමයින්ව බිලි දෙන්න එපා යකුනේ.

  2. saman says:

    ඒකනම් හොදයි. නැත්නම් දෙවිවරුයි දේව පැටවුන්ටයි විත්‍රයි මේවා හම්බ වෙන්නේ.

  3. Fernando says:

    “ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.”
    That means it was given free of charge? We don’t need American vaccines. We need Chinese, Russian, Cuba or Venezuela vaccines.

  4. සිරිමාන්න says:

    ඇයි ඉතින් සීනි ගේන එක දෙන්නේ නැත්තේ, ?

  5. බයියා says:

    හමුදා සෞඛ්‍ය අංශ විනයවත් සහ අතිසාර්ථක එන්නත් කරණයට සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති තුමන්ටත් අතිගරැ ජනාධිපතිතුමන්ටත් නිවැරැදි තින්දු අප්‍රමාදව ගැනිම පිළිබඳ ව ජාතියේ පුණාමය.

  6. හොම්බෙන් යෑමට අවශ්‍ය පුද්ගලයන් 'මාරයා'' ශරීර ගත කරගත යුතුයි,.! says:

    හොම්බෙන් යෑමට අවශ්‍ය පුද්ගලයන් මෙම ”බ්‍රීතාන්‍ය යුධ කොළනි මුළස්ථානය නොහොත් අමෙරිකාණුවන් ප්‍රධානය කරනලද ”මාරයා” ශරීර ගත කරගත යුතුයි,.!

Main News