දොස්තරලා-ප‍්‍රාදේශීය ලේකම්ලා ගැටෙති.. කොළඹ එන්නත්කරණය අවුල් ජාලාවක් වෙයි..

June 11, 2021 at 9:20 am | lanka C news
දොස්තරලා-ප‍්‍රාදේශීය ලේකම්ලා ගැටෙති.. කොළඹ එන්නත්කරණය අවුල් ජාලාවක් වෙයි..

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් එම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පෙරේදා රාත්‍රියේ සිට ඉවත් වී සිටී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා සඳහන් කරන්නේ තම නිලධාරීන් එම රාජකාරි වල කටයුතු කිරීම කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දැක්වීම නිසා මෙම තීරණය ගත් බවයි.

ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සෙසු නිලධාරීන් එන්නත් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වීම අනවශ්‍ය අතපෙවීමක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා ඇතැයි ද ඔහු පැවසීය.

තම නිලධාරීන් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන් වලින් ඉවත් වීම හේතුවෙන් එම වැඩසටහන් ඊයේ දිනයේ අවුල් ජාලාවක් බවට පත්වී තිබුණේ යැයි තොරතුරු ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.

49,584 views

34 Comments to “දොස්තරලා-ප‍්‍රාදේශීය ලේකම්ලා ගැටෙති.. කොළඹ එන්නත්කරණය අවුල් ජාලාවක් වෙයි..”

  1. sumudu says:

    බහුතර දොස්තරලා මුදල් ගසාකන පෙරේතයෝ . උන් හදන්නේ එන්නත්කරනයෙන් අනිත් උන් එළවලා එක තනිකරම උන්ගේ යටතේ තියාගන්න . එතකොට උන්ට ඕන විදිහට උන්ට ඕන උන්ට ගහ තැකි . ගසා කන්නත් පුළුවන්

    • kamal says:

      සියලුදෙනා එකතුවෙලා වසංගතය පරාජය කරන්න තියෙන වෙලාවේ මොකක්ද මේ කරන්නේ, ජී එම් ඕ තම බල පරාක්‍රමය පෙන්වනවා. ප්‍රාදේශීය නිලධාරීන් තම බලපරාක්‍රමය පතුරවනවා. අනේ ජනාධිපතිතුමනි. එන්නත්කරණය හමුදාවට දෙන්න.

  2. The man says:

    Maraganila tuwala karagana news walata Enna apa

Main News