දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..

September 20, 2016 at 8:02 am | lanka C news
දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..

රටේ නීතිය හා අයිතිවාසිකම් සැමට එක සමාන විය යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදුන්නහොත් සිවිල් සංවිධාන හා එක්ව දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය පාලන කාලයේ දී බමුණු කුලයක් ලෙස කටයුතු කරමින් රටේ නීතියට යටත් නැති විශේෂ කණ්ඩායම් ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් කටයුතු කළ බවත් ඒ යටතේ එම වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් හිමිවු බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා වෛද්‍යවරයකු වැරැද්දක් කර අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ නිර්දේශ අවශ්‍ය වුණු අතර රාජපක්ෂ රජය යටතේ විශේෂ වරප්‍රසාද මේ අයට හිමිවු බව ද සඳහන් කරයි.

දේශපාලන හිතවත්කම් යටතේ රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරී සංගමය නීතියට පිටින් කණ්ඩායමක් ලෙස පෙනී සිටි අතර ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අමු අමුවේ උල්ලංඝනය වුණු බව ද පවසයි. කැලෑ නීතිය රජකරමින් සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන් කටයුතු කළ බව ද දැන් ඔවුන් තම දරුවන්ට හොඳ පාසල් ඉල්ලමින් කරළියට පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශයට කඩාපැන ලොකු කලබලයක් ඇති කළ බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා මේ අය ඉතිහාසයේ සිට කළ වැරැදි දැන්වත් නිවැරැදි කළ යුතු බව ද පවසයි.

මේ අයට විශේෂ වරප්‍රසාද දීම පිළිබඳ තමන් එකඟ නොවන අතර රටේ සියලු ජනතාවට එක සමාන වරප්‍රසාද දෙන ලෙස ආණ්ඩුවට හා විධායකයට බලකර සිටින බව ද එසේ නැතිවුණොත් සිවිල් සංවිධාන ලෙස වත්මන් රජයටත් දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ද සඳහන් කරයි.

– Dinamina

42 views

27 Comments to “දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..”

  1. hansa deenuwa says:

    පිස්සො හිතන්නේ උන්ට පිස්සු නැහැ , අනික් අයට පිස්සු කියල. ඇස උබත් ඒ වගෙ, ඉගනගන්ඩ බැරි උනපලියට ඩොකාලට බනිනව. නම ඇස උනාට උබෙ ඇස් අන්ද බව පෙනෙන්නේ. හොද ඇස් දොස්තර කෙනෙක් ලගට පලයන්.

    උබට තෙරුනා නේද හන්සයා කියාපු දේ? නැතිනම් හන්සයාගෙන්ම හොදට අහගනින්, මේ ලගදි මැජික් ලන්තැරුමටත් රෙවෙන්න දුන්නා. උබ ලොකු නැහැ.

  2. Upul Liyanage says:

    Now I have no regret of leaving Sri Lanka.

  3. Nana says:

    Why doctors have to be treated like this ? Then stop Private practice. They make Millions of money and still want the best of Public Free services for them.

Main News