දොස්තරලා මහ සටන අරඹති.. දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹේ..

June 22, 2017 at 10:38 pm | lanka C news
දොස්තරලා මහ සටන අරඹති.. දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹේ..

විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය විසින් පහර දීමට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් තෙක් දීර්ඝ කර ඇත.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති අතර වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධ තීරණය කිරීම විධායක සභාවට පවරා ඇත.

ඒ අනුව සංගමයේ සාමාජිකයින් වන සියළු වෛද්‍යවරුන් රජයේ සේවයෙන් මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවයෙන්ද ඉවත් වී සිටින බව සංගමය තව දුරටත් කියා සිටී.

වර්ජනය පැවතුනද සියළු රෝහල්වල හදිසි ප‍්‍රතිකාර සේවා මෙන්ම ඩෙංගු ප‍්‍රතිකාරද අඛණ්ඩව ක‍්‍රියාත්මකය. ළමා රෝහල්, පිලිකා රෝහල්, වකුගඩු රෝහල් ආදියෙහි වර්ජනය ක‍්‍රියාත්මක නොවේ.

82 views
Main News