දොස්තරලා වර්ජන කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි..- රාජිත GMOAට කිචේ දමයි..

June 25, 2017 at 1:20 pm | lanka C news
දොස්තරලා වර්ජන කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි..- රාජිත GMOAට කිචේ දමයි..

‘ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණයි’ යයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යෙවිදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සයිටම් නොහොත් මාලඹෙී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකචිඡාවක් පැවැත්වුනා. එහිදී ජනාධිපතිවරයා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති සහ යෝජනා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දී තිඛෙනවා. ඒ බව සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ජනතාව දැනුවත් කළා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, වෛද්‍ය පීඨය කළමණාකරණය කිරිම සදහා කළමණාකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම, රෝහලේ අයිතිය කොටස් වෙළෙදපොලට නිකුත් කිරිම, සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, අවසන් විභාගය සමත් වූ සිසුන්ට මාස 06 ක පුහුණුවක් ලබාදී සනාථන සභාව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයෙන් පසු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරිම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති තීන්දු වෙනවා. මෙම ප්‍රතිපත්ති මාලාව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ පසු එය ගැසට් කර ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ඉන් පසු රෝහල රජයට පවරා ගැනීමෙන් සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරනවා. එම ප්‍රතිපත්ති තමයි ජනාධීපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ. එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස නිකුත් කිරිමට ද එකඟත්වයට පැමිණ තිඛෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා කලින් කිවුවා නම් මෙවැනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර අහිංසක රෝගීන් අසීරුතාවයට පත් කිරීමෙි අවශ්‍යතාවයක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක් දියත් කර ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි. එය අනවශ්‍ය දෙයක්.

වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා සරසවි සිසුන් ආයුධ අතට ගන්න දිනය වැඩි ඈතක නොවෙයි කියලා. දරුවන්ට ආයුධ අතට ගන්න කියලා පෙන්වා දෙන බුද්ධිමතුන් ඉන්නේ මොන රටේ ද. 1971, 1988, 1999 කාලයේ ද තරුණයන් අවි අතට අරගෙන කළ විනාශය කවුරුත් දන්නවා. උතුරේ තරුණයින් අවි අතට ගෙන කළ සටන නතර කිරීමට වසර 30 ක් ගත වුනා. එම නිසා වෛද්‍යවරුන් කියනවා නම් ආයුධ අතට ගන්න කියලා ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. බුද්ධිමතුනුත් නොවෙයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

26 views

10 Comments to “දොස්තරලා වර්ජන කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි..- රාජිත GMOAට කිචේ දමයි..”

  1. asaranaya says:

    ඊලඟට වැඩෑවර්ජනය කලයුත්තේ කුණු ගඳ ගහන වාචාල ආන්ඩුවෙන් කුණු දතා පන්නා දමන ලෙසටයි,
    කුණු දතාගෙ දේශපාලන ඉතිහාසය බැලුවොත් සැම රජයක මූ ඉඳලා තියෙන්නෙ මූ හැදෙන්න මිස රට හදන්න නොවේ, ඊලඟ සටන් පාඨය විය යුත්තෙ මූ ඉවත් කිරීම සඳහායි , මූට පාඩමක් උගන්වන්න දොස්තර මහත්වරුනේ පෙරමුන ගන්න.

    • දොස්තර මහත්වරු says:

      බෑ බන් අපිට PP කරන්න තියෙනවා.

  2. daham says:

    kaanu kataa vitharayi buddhimathaa. moota dath dosthara nemyi nodath dosthara kiyala kiyanne mokada?

  3. සරත් says:

    මේ ගොන් වසලයාඅත ගහපු තැනක් ඉවරයි .උඹගේ ලේලිව සයිටම් එකේ ඉන්න එකේ උඹ මොකටද ඒ ප්‍රශ්න විසඳන්න ඉන්නේ (conflict of interest) . එක නිසා උඹයි උඹේ පුතන්දියයි දෙන්නම ගෙදර පලයල්ලා .උඹල මේ රටට වැඩක් නැහැ .පුලුවන්නම් රටෙනුත් පලයන් ගිහින් ඔය ගත්තයි කියන නැවක මාළු බාපන් මේ රට කන්නේ නැතිව .

    පච ෆාක්ටෝරියක් වගේ ඉන්න මු ව දැක්කත් මට දැන් තරහ එනවා.

    • බබා says:

      මූ එක්ක තද උනාට කියන්නෙ ඇත්ත මචං. මෙි පාර ඩොකාල කිච උනාද මන්ද?

  4. kasun says:

    රටක ප්‍රශ්න විසදනවා වෙනුවට ප්‍රශ්න ඇති කරන දේශපාලකයෝ

  5. bend to bend says:

    ඒ දරුවො උද්ඝෝශණය කරන්නෙ වසලයින්ගෙ දත් ගලවන්න​????

  6. Dushantha says:

    හෑමෝටම එපාවූ දේශපාලුවෙක්. ඊයෙ කියලා තිබ්බ මේක සින්හල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මූ ඈත්තටම මේ ආන්ඩුව මිනිස්සුන්ට එපා කිරීමේ කොන්තරාත්තුවක්ද මේ කරන්නෙ.

  7. Gama says:

    Kunu datha go to HELL

  8. Rata hadamu. says:

    Niyamai rajitha sir..
    Ehema thama inna one..
    Oya dokalage mannaya bindata apage pranamaya…
    Jaya wewa

Main News