දොස්තර දුෂණය කලැයි හෙදිය රෝහලේදී පෙති 90ක් බී සියදිවි නසාගනී.. විරෝධතා…

February 12, 2019 at 6:48 pm | lanka C news
දොස්තර දුෂණය කලැයි හෙදිය රෝහලේදී පෙති 90ක් බී සියදිවි නසාගනී.. විරෝධතා…

හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෙදියක් ලෙස සේවය කල සේවිකාවක් එම වෛද්‍ය මධ්‍යස්ථානය තුලදි සිය දිවි හානි කරගැනිම  සම්බන්ධයෙන් විධීමත් පරික්ෂණයක් පවත්වන ලෙස බල කරමින් වතුකරයේ සිවිල් සංවිධාන කිහිපයක් අද (12) හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මෙම තරුණිය ඉකුත් මස 3 වෙනි දින ඇගේ ඥතින්ට දුරකථන හඩ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  තම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා හොද චරිතයකින් යුක්ත අයෙකු නොවන බවත්, තමන්ට එම වෛද්‍යයවරයාගෙන් ලිංගික අතවර සිදු විම නිසා තමන්ට සමාජයට මුහුණ දිමට නොහැකි තත්ත්වයත් මත තමා ආතතියට ලබා ගන්නා ඖෂධ පෙති 90 පානය කර සිය දිවි හානි කර ගන්නා බවයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථායේදි සිය දිවි හානි කරගෙන තිබුණේ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.ශාන්තිනි නැමති 23 හැවිරිදි තරුණියකි.

මෙම තරුණිය සේවය කල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කොටගල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් සේවය කරන අතර ඔහු දික්ඔය මුලික රෝහලේ කෙටි කාලයක් රෝහල්  අධිකාරිවරයා වශයෙන්ද කටයුතු කර තිබුණි.

තරුණිය සිය දිවි හානි කරගැනිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝකා රත්නායක මහත්මිය විසින් මිය ගිය තරුණිගේ ඥතින්ගේ එකගතාවය මත පශ්චාත් මරණ පරික්ෂණ පැවැත් වු අතර එම පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය කිසිදු ලිංගික අතවරයකට පත් වි නොමැති බවත් එම මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නියෝගයක්ද නිකුත් කර තිබුණි.

උද්ඝෝෂණයේ නියැලි සිටි සිවිල් සංවිධාන සමජිකයන් කියා සිටින්නේ එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාව නිතියේ රැහැනින් මුදවා ගැනිම සදහා අදාල වගකිය යුත්තන් කටයුතු කල බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් හෝ සාධාරණයක් ඉටු කර දෙන ලෙස උද්ඝෝෂනයේ නියැලි සිටි සිවිල් සංවිධාන  ඉල්ලා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ

185 views

3 Comments to “දොස්තර දුෂණය කලැයි හෙදිය රෝහලේදී පෙති 90ක් බී සියදිවි නසාගනී.. විරෝධතා…”

  1. Dp says:

    දොස්තර ලිංගික අතවරයක් කරලද බලන්නෙත් තවත් දොස්තර කෙනෙක් . යුක්තිය ඉටුවෙයි කියල හිතන්න බැහැ නේද …
    ලඟදි බීමතින් පොලිස් නිලදාරියෙක් හප්පපු දොස්තර නෝනා කලුබෝවිල රෝහලේ වාර්තාවට අනුව බීල නෑ.
    රටේ නීතියක් නෑ. නර්ස් නෝනට කරන්න තිබ්බේ මැරෙන්න කලින් යුක්තිය ඉටු කරන්න. අතවර කරන වෙලාවේම ඒ සතාව ඉවරයක් කරලා දාන්න.

  2. kolitha says:

    නඩුත් හාමුදුරැන්ගෙ බඩුත් හාමුදුරැන්ගේ…කාට කියනුද මේ අමාරැව

Main News