දොස්තර වර්ජනයෙන් බලපෑම් වුනේ බොහොම පොඞ්ඩයි..- සෞඛ්‍ය අමාත්‍යංශය කියයි..

May 23, 2017 at 8:02 am | lanka C news
දොස්තර වර්ජනයෙන් බලපෑම් වුනේ බොහොම පොඞ්ඩයි..- සෞඛ්‍ය අමාත්‍යංශය කියයි..

පැය 24ක් තිස්සේ ක‍්‍රියාත්මක වූ වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කරන විශේෂ මාධ්‍ය නිවෙිදනයක් පහතින් දැක්වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කරන ලද වැඩවර්ජනයෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශයට සුළු බලපෑම් එල්ල වුවද, අනෙකුත් රෝගී සත්කාරක සේවාවන් නිසි පරිදි සිදු විය.

විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ද මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ අනෙකුත් රෝහල්වල රාජකාරී කටයුතුවල නිරත වෙමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කරන ලදි. වෙනත් කිසිදු සෞඛ්‍ය සේවකයෙකු මෙම වර්ජනයට දායක වී නොමැත. ඇතැම් මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල වෛද්‍යවරුන් සියළු දෙනාම රෝගී සත්කාරක සේවා වල නිරත වී ඇත. හදිසි ප්‍රතිකාර සේවා ද සිදු කර තිබෙි.

මෙම අසාර්ථක වැඩවර්ජනයට විරෝධය පළ කරමින් ජනතාවගේ රෝගී සත්කාරක සේවා සහ අනෙකුත් සේවා පහසුකම් සැපයීමට දායක වූ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ සේවය අගය කළ යුතු බව ද කිව යුතු වෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

11 views

3 Comments to “දොස්තර වර්ජනයෙන් බලපෑම් වුනේ බොහොම පොඞ්ඩයි..- සෞඛ්‍ය අමාත්‍යංශය කියයි..”

  1. Boo says:

    එහෙනං ප්‍රශ්නයක් නෑ , වැඩ වර්ජනේ දිගටම කරගෙන ගියත්.

  2. asaranaya says:

    එහෙනම් මයි තූනයෝ හරි ශෝක්නෙ වැඩේ

  3. ponil says:

    දොස්තරලාගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන ඒ වෘත්තීය සංගමය වර්ජනය කරන විට ඒකට එරෙහිව ආණ්ඩුව යොදවන්නේ හෙද වෘත්තීය සමිති හා බස් වෘත්තීය සමිතිය. මේවා දකින විට සිහිවෙන්නේ පැසිස්ට් ඉතාලියේ ඒ කාලයේ විද්වතුන්ට පහර දෙන්නට ‘දුඹුරු කමිස ව්‍යාපාරය’ කියා රස්තියාදුකාරයන්ගේ සංගමයක් හදා සියලූම වෘත්තිකයන්ට පහර දුන් ආකාරයය

Main News