දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..

January 24, 2021 at 2:10 pm | lanka C news
දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..

පේරාදෙණිය රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට පහර දීමක් සිදු කළ බව සත්‍ය නමුත් එය සිදු කළේ තමන් විසින් නොව කාලි මෑණියන් විසින් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

පේරාදෙණි රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතා විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහු මේ බව කෑගල්ල පොලිසියට සඳහන් කර තිබේ.

තමන් විසින් සිදු කරන ද එහිදී වෛද්‍යවරයාගෙන් බලහත්කාරයෙන් වීඩියෝ පටිගත කිරීමක් කල බවද ඔහු පොලිසියේ දී පිලි ගෙන ඇත.

ඒවා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ එකඟතාව මත දෙපාර්ශවය එම ගැටලුව සමථයකට පත් කර ගෙන ඇත.

වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී ඔහු පහර දුන්නේ යැයි චෝදනා කරමින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කෙරිණ.

33,229 views

38 Comments to “දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..”

  1. Opa-dupa says:

    අපේ රට පිස්සන්ගේ පාරාදීසයක් වීගෙනයි යන්නෙ.

  2. S.Vitharana says:

    මු නම් මාර බඩුවක් තමා. අමිමටත් පරිස්සම් වෙන්න වෙනවා. නැත්නම කියාවී ඒකත් කලේ කාලිව කියල.

  3. විශ්වභවන් says:

    මූට ගහපන් කන් අඩි පුපුරන්න ,ඒ ගහලා කියපන් මොනව උනාද දන්නෙ නැහැ දේව මන්ඩලයේ ප්‍රශ්න තියනව කවුරු මට වැහිලා මාව පාවිච්චිකලාද දන්නෙ නෑ කියලා, මොකද දෙවියො මුන්ට වැහෙන්නෙ නැහැ , වැහෙනවනම් ඒ වැහෙන්නෙ දිලිත්ගෙ මොන්ගල් scripts

  4. Sanjaya Mahesh says:

    කාලි මෑණිත් මොන රෙද්දට මුගේ අස්සටම යනවද මන්ද

  5. Jagath says:

    ඔය කාලි මාර කෑල්ලක් ද බන්?

  6. Sri Lankan says:

    President ta kanata gahala kiyavi.. kali kiyala.. pissu hukannek.. ponna anduwak.. math chande dunna modayek.. neethiyak nethi.. ratak..

    • බයියා says:

      tho pissu hukannek bawa oppuwenawa me kiyana dewal walin. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල උඹේ ශරීර කූඩුව දිහා බලාපන්. දැන් උඹේ හදවත මොළේ (තියෙනවනම්), බඩවැල්, බොකු, පෙනහළු දෙක, වකුගඩු වගේ ඇතුලෙ තියෙන කෑලි බෑලි එව්ව වැඩ කරන විදියත් කණ්ණාඩියෙන් පේනවද? ඉස්කෝලෙදි හරි තනියම කියවල වීඩියෝ බලල ඒ ගැන දැනුවත් නම් උඹට මැවිලා පෙනෙයි උඹේම බොඩි පාට්ස් තියෙන තැන් වැඩ කරන විදිය. අන්න ඒ වගේ ආණ්ඩුව ඇතුලෙ වෙනදේත් ඔක්කොම එළියට පෙන්නෙ නෑ. පොඩ්ඩක හොයල බලාපිය පිට්ටට වැක්කෙරෙන කොණක් හරි අල්ලගෙන. පහුගිය අවු 5-6, 2015 මැද වගේ ඉඳන් ආණ්ඩුවෙ ඇතුලෙ පාට්ස් වැඩ කරන විදිය මුස්ලිම් කෝලාහල, බුදු පිලිම කැඩීම, බදුර්දීන්ගෙ බලේ, සුමන්තිරන්ගෙ බලේ, ඩොලර් එක නැගිල්ල, අගමැතිගෙ සමනල ජීවිතේ, එපා කියපු චීනට වරාය 99ට දූන්න බලේ, පාස්කු ගැහිල්ලෙන්, මහබැංකු ගැහිල්ලෙන්, වොල්ක්ස්වැගන් ගැහිල්ලෙන් පොඩ්ඩ පොඩ්ඩ පස්සේ ලොකුවට එලියට ලීක් වෙන්න ගත්තනේද. දැන් මේ ආණ්ඩුව හරියට ආවෙ අවු 1ක් වගේ. රටේ හදන දේවල් පිටින් ගේන එක නවත්තල, ආණ්ඩු අනුව මාරු නොවෙන්න ජාතික වෙළඳ හා කර්මාන්ත ප්‍රතිපත්ති හදල එකින් එක ග්‍රාමීය කර්මාන්ත නග්ගල රටේ දේශීය නිෂ්පාදනය ඇති කරල වැඩි කරල ගන්නකොට තොපිට මාස 12න් ප්‍රතිඵල ඕනෙ. කොරෝනා විසයි, පැණියක් හදපු එකයි, හිරගෙදර ගිනිතියපු එකයි, කියපු ඒවට සාක්කි නැතුව හිරේ ගිය එකයි දැකල තොපි පරල වෙලා.. හරේ අගමැති වෙලා මාස 6න් මහ බැංකුව කඩපු එකා තාමත් නායකයා.. හිනා වෙලා වැඩකට නැති ඇට දෙක මිරික මිරික දැන් ආණ්ඩුව බලෙන් දුන්නත් එපා කිව්වම පරල වෙන්නෙ නෑ. උඹල වගේ එවුන් ඉන්නකං “එනැමෙනැටො” එවුන්ට හැම දාම රජමගුල්. (එලොවටත් නැති මෙළොවටත් නැති ටොය්යො ) රට විකුණන්න පුලුවන්.

  7. Lucky wijayamannage says:

    කාළි මැණියන්ව වහාම අත් අඩංගුවට ගන්න

  8. ලකි විජයමාන්නගේ says:

    කාළි මැණියන්ව වහාම අත් අඩංගුවට ගන්න

  9. Nandasoma Suriyaarachchi says:

    එහෙමනම් කරන්න තියෙන්නෙ, මූට කාලි මෑණියෝ වැහිල කියන වෙලාවකට මුගෙත් කණට ගහන්නයි….!

    මේ වගේ බොරුකාරයන්ට රැවටෙන මිනිස්සු ඉන්න එකයි කණගාටුව……!!

  10. Prasad says:

    මේ වගේ හොර හැත්ත නිසා බාල්දු වෙන්නේ අපේ සිංහල වෙදකම

Main News