දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..

January 24, 2021 at 2:10 pm | lanka C news
දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..

පේරාදෙණිය රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට පහර දීමක් සිදු කළ බව සත්‍ය නමුත් එය සිදු කළේ තමන් විසින් නොව කාලි මෑණියන් විසින් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

පේරාදෙණි රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතා විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහු මේ බව කෑගල්ල පොලිසියට සඳහන් කර තිබේ.

තමන් විසින් සිදු කරන ද එහිදී වෛද්‍යවරයාගෙන් බලහත්කාරයෙන් වීඩියෝ පටිගත කිරීමක් කල බවද ඔහු පොලිසියේ දී පිලි ගෙන ඇත.

ඒවා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ එකඟතාව මත දෙපාර්ශවය එම ගැටලුව සමථයකට පත් කර ගෙන ඇත.

වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී ඔහු පහර දුන්නේ යැයි චෝදනා කරමින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කෙරිණ.

33,229 views

38 Comments to “දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..”

  1. Theeraka says:

    This chap is so engrossed with the belief in Karli Amma and makes not only him a bloody idiot and a joke but the whole Srilankan nation a laughing stock.

  2. Lapa Kumara says:

    මෙ විකාර තත්ත්වයක්. රැල්ලක් වෙන්න පුළුවන්

  3. Carpenter says:

    Meka puruddata giyoth, dawasaka Danapalaya minihek marala kiyawi ” mama nemei maruwe Kaali kiyala”.

  4. sana says:

    haaa…..haaa…haaa
    meka ahana aya kiyai

  5. Sam says:

    ඔව් මේකා මිනී මරලත් මෙහෙම කියයි.

  6. Gamarala says:

    එසේ නම් කාලි අම්මා උසාවියට කැදවිය යුතුය.

  7. Perera says:

    හොඳට කන රත්වෙන්න කීපයක් දුන්නානම් බලන්න තිබුණා දොස්තරට ගහපු කාලි ධම්මිකව බේරගන්න එයිද කියලා ..

  8. Duminda says:

    ධම්මික බණ්ඩාර කියන්නේ මානසික රෝගීයෙක් මුලින්ම ඔහුට ප්‍රතිකාර කරලා ඉන්න ඕනේ.

  9. Kobaa says:

    මුගෙ නඩුව අහන විනිසුරුවරුන් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇත්තෝ නම් වැඩේ දෙල් තමයි. එවැනි විනිසුරු තුමෙක් හිටිය කලින්. තමා වෙනුවෙන් සාස්තර අහන්ඩ අල්ලපු ගෙදර මෑන් කෙනෙක්ව නිතර යවපු, පසුව තරහ වෙලා ඒ මෑන්ට වෙඩි තිබ්බ, පසුව ඒ සියළු දේවල් ඔහු එලි කලා.

  10. Boris says:

    Is this bugger a maniac?

Main News