දෝනාවේ ඊළන් කූරේ සිට නව තාක්‍ෂණය තුරුළු කරගෙන අනාගත ලෝකයට අපේ මැණික්….

February 10, 2019 at 2:04 am | lanka C news
දෝනාවේ ඊළන් කූරේ සිට නව තාක්‍ෂණය තුරුළු කරගෙන අනාගත ලෝකයට අපේ මැණික්….

බලන්ගොඩ මැණික් අපනයනකරුවන්,අලෙවිකරුවන්,කැනීම් හා ගැරීම් කටයුතුවල නිරත වූවන්ගේ ගැටළු සහ ප්‍රශ්ණ පිලිබදව සාකච්චාවක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගීත්වයෙන් බලන්ගොඩදී පැවැත්විණි.

එහිදී මැණික් ගැරීම් කටයුතුවල නිරත වන්නන්ගේ සංගමය නියෝජනය කරමින් තනුර වීරවර්ණ මහතා විසින් මෙසේ කරුණු දක්වන ලදී.

පතල් කැනීම සදහා අවසර ලබා දීමේ බලපත්‍රය නිකුත්වීමේ ප්‍රමාදයක් පවතින බවත්,කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු විවිධාකාර දඩ මුදල් ගෙවීමට සිදුවන බවත් පැවසීය.ඒ අතරතුරම සමහර මැණික් පතල් අතිවිශාල මුදලක් වියදම් කර සිදු කලත් එකදු මැණිකක් හෝ නොලැබෙන අවස්ථාවන් ඇති බවද සදහන් කළේය.

අධිකාරිය මගින් මැණික් ඉඩම් වෙන්දේසි කරන විට භූ සමීක්‍ෂණ වාර්ථා ලබා ගෙන යටත් පිරිසෙයින් මැණික් ඉල්ලම් පවතින බවට තහවුරුවක් ලබා ගෙන කල යුතු බව පැවසීය.

එමෙන්ම පතල් කැනීම සදහා යොදාගන්නා සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට නවීන ක්‍රම හදුන්වාදීමට කටයුතු කලයුතු බවත් පැවසීය.

මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මැණික් දෝලාවල්වල මැණික් කඩන කම්කරුවා පටන් මැණික් ව්‍යාපාරිකයා දක්වා තිබෙන සියලු අංශයන් සොයා බලා අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකල යුතු බවයි.

නුතන ලෝකයේ තරගකාරීත්වය තේරුම්ගනිමින් මෙම කර්මාන්තය නගා සිටුවීම සදහා නුතන ලෝකයට අවතීර්ණ වියයුතු බවත් මැඩගස්කරය,කෙන්යාව,නයිජීරියාව,දකුණු ඇමෙරිකාව යන රටවල මැණික් මෙරටට ගෙනවිත් අගය එකතු කොට ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කර නවෝත්පාදන ප්‍රවේශයක් ලබා ගත යුතු යැයි පැවසීය.ඒ සදහා වඩ වඩාත් නුතන තාක්‍ෂණය මැණික් කර්මාන්තයට හදුන්වාදියයුතු බවත් පැවසීය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් යටතේ මෙම අධිකාරිය පවතින නිසා මෙම කර්මාන්තයේ සංවර්ධනය සදහා ඉමහත් ශක්තියක් ලැබෙන බවද ප්‍රකාශ කළේය.අතිගරු ජනපතිතුමන්ගේ දර්ශනය හා මග පෙන්වීම අනුව ඉදිරි කාලය තුල මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව මාවතක් විවර කර දීමට කටයුතු කරන බවද පැවසීය.

– රෙජිනෝල්ඩ් කුරේ  මාධ්‍ය ඒකකය..

1,434 Viewers

Leave a Comment

Main News