‘ද ෆිනෑන්ස්’ බංකොලාත්.. ඈවර කර දමන්න මහ බැංකුව තීන්දු කරයි.. තැන්පතු බිලියන 20 අනතුරේ…
March 3, 2019 at 10:00 am | lanka C news
මේ වන විට දැඩි ලෙස මුල්‍ය අර්බුදයකට පත්ව ඇති ‘ද ෆිනෑන්ස්’ මාස හයක කාලයක් තුලදී ඈවර කර දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මෙම මාස 06ක කාලයේදී සමාගමට සුදුසු ආයෝජකයෙකු ඉදිරිපත් නොවුවහොත් මහ බැංකුව විසින් මෙම තීරණය ගැනීමට නියමිතය.
දැනටමත් එම ආයතනය පාලනය වන්නේ මහබැංකුව විසින් පත් කරන ලද තිදෙනකුගෙන් යුතු මණ්ඩලයක් විසිනි.
මෙම තත්වය මත එහි තැන්පතුකරුවන්ගේ මුදල් උපරිමය ලක්ෂ 06ක් දක්වා මුදල් ආපසු ගෙවමින් සිටී.
ද ෆිනෑන්ස් විසින් සිය තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති මුදල රුපියල් බිලියන 20ක් පමණ වෙයි.
ද ෆිනෑන්ස් මාගමේ විනාශයට මූලික හේතුව කිසිම සුදුසුකමක් නැති සේවක පිරිසයි
සේවකයින්ගේ අවුල් මොන ආයතනයේත් තියනවා.
නමුත් මෙච්චර කල් බිස්නස් කරගෙන ආවනේ. රටේ මූල්‍ය ආයතන එකින් එක කඩාවැටෙන්න ගත්තේ මහ බැංකුවට කෙලපු එකේ අතුරුපලයක් ලෙස කෘතිමව පොලි අනුපාත එකපාරටම අනපේක්ෂිත ලෙස වැඩි වුන නිසයි.
රටක ආර්ථිකය වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස පොලි අනුපාත වැඩි වුනා නම් ණය දෙන ආයතන සහ පාරිභෝගිකයින් යන දෙපිරිසම එයට ඔරොත්තු දෙන ආර්ථික මට්ටමක ඉන්නවා.
නමුත් හොරකමක ප්‍රථිපලයක් ලෙස පොලිය එකවරම විශාල ලෙස වැඩි වුනාම එයට ඔරොත්තු දෙන්න මෙම ආයතන වලට හෝ ඔවුන්ගේ පාරිභෝගිකයින්ට හැකියාවක් නැහැ.
One hand Samapth , Other hand NSB, Seylan, ETI…..Now ‘ද ෆිනෑන්ස්……Waht is going on Sri lanka;s Bank/Fiance system….
@ sakalabujan
හූ ඇන්පී බැංකු හොරුන් සහ ආර්ථික ඔස්තාර්ල ගෙන් තමා අහන්න වෙන්නේ……
Thanks to RW and Clan the country is going to drain, MR to is not a saint! basically