ධනවතුන්ට කටුනායක ගුවන් තොටේ වෙනම පර්යන්තයක්…

August 19, 2022 at 12:00 pm | lanka C news
ධනවතුන්ට කටුනායක ගුවන් තොටේ වෙනම පර්යන්තයක්…

කටුනායක ගුවන්තොටුපල වෙත පිවිසෙන ඉහළ ආදායම් ලාභී ගුවන් මගින් වෙනුවෙන් ‘රන් මාවත’ නමින් නව සේවා පර්යන්තයක් ආරම්භ කර තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ දිනයේ මෙම තව පර්යන්තය විවෘත කර ඇත.

ඉහළ ආදායම්ලාභීන්ට ගුවන් තොටුපළ රාජකාරි සිදු කර ගැනීම සඳහා පෝලිම් වල නොසිට මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන රේගු කටයුතු මෙන්ම ආහාරපාන හා සන්නිවේදන අවශ්‍යතා ද කඩිනමින් ඉටු කරගත හැකිය.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන්තොටුපල තුල ඇති අතර එමගින් රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයාට විශේෂ වරප්‍රසාද හිමි වී තිබේ.

නව පර්යන්ත සඳහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 200ක මුදලක් අය කරනු ලබයි.

17,997 views

10 Comments to “ධනවතුන්ට කටුනායක ගුවන් තොටේ වෙනම පර්යන්තයක්…”

  1. sira says:

    ඔන්න, උන්ට තියෙන අඩුපාඩුවක් හදාගෙන, ඔය විදියට තමයි උන්ගේ පඩි, අනිත් වරප්‍රසාද උනත් වැඩි කරගන්නේ. සැප විඳිනවා ජනතාවගේ සල්ලි වලින්.

  2. හීනෙන් බය උනා says:

    රාජපක්ශ පවුලට වෙනම Lounge එකක්. මොන රටක්ද මේ.

  3. kk says:

    ගොඩක් හොඳයි. ඔක්කොම කරන්නේ පෝසත් උන්ට විතරයි, දුප්පත් මිනිහට මුකුත් නැහැ කියල දැන් මෙතන මැරෙන්න හදන්න එපා. පෝසත් මිනිස්සුන්ට හොඳ සේවා වැඩි මිලට සැපයීම තුලින් තමයි දුප්පත් මිනිස්සුන්ට නොමිලේ සහනාධාර දෙන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ආර්ථිකය කැරකෙන්නේ.

    • Kasun Perera says:

      අනේ පලයන් පොන්නයො යන්න.වරෙන් යුරෝපෙට ආර්තිකේ කැරකෙන හැටි පෙන්නන්ඩ…උබල හොද වහල් දූපතම තම

      • non says:

        උමබල වගේ හැමදේම නොමිලේ දෙනකල් බලන් ඉන්න අනාථයෝ නිසා තමයි ලංකාව මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. අපිත් යුරෝපයේ ඉඳල තියෙනවා. ලංකාවේ වගේ හැමදේම නොමිලේ දෙයි කියල ඒ මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ නැහැ. වැඩි පහසුකම් වලට වැඩිපුර ගෙවීම වහල් කමක් නොවේ. එසේ නොවීමයි වහල්කම.

  4. Sandun Dhammika says:

    This is a good move.
    SL is a part of United States and capitalism is our way of life.

  5. හෙලය says:

    ඩොලෙර් 200 රුපියල් 70,000 හිනමාන කාරයින්ට හොදයි .

  6. Godaya says:

    අපි කුරුට්ටෝ. ඕවට විරුද්ධයි

  7. Lalla says:

    ඕක අන්තිමට ලංකාවේ දේශපාලුවන්ට නොමිලේ සේවය කරන තැනක් වෙනව.ඩොලර් 20-50 නම් සාධාරණ ගානක්.

  8. කිරිහාමි says:

    හිඟන්නෝ කෑගහනවා

Main News