ධම්ම්ක පැණිය වංචාවක්.. ප්‍රෝඩාවක්.. වට්ටෝරුවක් කියන්නෑ.. මතුරනවාලු.. අපට වගකියන්න බෑ..- ආයුර්වේද වෛද්‍ය සභාපති

December 20, 2020 at 10:40 am | lanka C news
ධම්ම්ක පැණිය වංචාවක්.. ප්‍රෝඩාවක්.. වට්ටෝරුවක් කියන්නෑ.. මතුරනවාලු.. අපට වගකියන්න බෑ..- ආයුර්වේද වෛද්‍ය සභාපති

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට හඳුන්වා දී ඇති ඖෂධය රැවටිල්ලක් සහ ප්‍රොඩාවක් බව ශ‍්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප්‍රසාද හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙන්නේ මීට වගකිව යුත්තේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන බල අධිකාරිය විසින් බවයි.

මෙවන් කටයුතු හේතුවෙන් දේශීය හෙළ වෙදකම ආයුර්වේද වෙදකම බරපතල අවදානමකට ලක්ව ඇති බවත් මෙය දේශීය වෙදකම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මී පැණි උණු කිරීමට නොහැකි බවත් සාදික්කාවල අනතුරුදායක තත්ත්වයක් ඇති බවත් ඔහු පවසයි.

ධම්මික බණ්ඩාර මහතාගේ වට්ටෝරුවේ ඇත්තේ මොනවාදැයි නොකියන බවත් එවිට අංග සම්පූර්ණ පරීක්ෂණයක් කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙරට සිටින පාරම්පරික වෛද්‍යවරුන් ගැන සැලකිය යුතු ප්‍රමාණයක් ගුණාත්මක නැති බවත් ඔවුන් ලියාපදිංචියවත් නැති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරයි.

44,751 views

51 Comments to “ධම්ම්ක පැණිය වංචාවක්.. ප්‍රෝඩාවක්.. වට්ටෝරුවක් කියන්නෑ.. මතුරනවාලු.. අපට වගකියන්න බෑ..- ආයුර්වේද වෛද්‍ය සභාපති”

  1. ඈ බොල වට්ටෝරුව නැතිවද එහෙනම් පරීෂණ කරමින් ඉන්නේ? වට්ටෝරුව දක්කින්නේ නැතිවද ආයුර්වේද මහාචාර්යවරු ඒ මනුස්සයාගේ ගෙදර ගිහින් පැය 24 ක්‍ පුරාවට හැඳි ගගා හිටියේ ඌරු බෙටිද?

  2. මේ මාද්ය සංදර්ශන තියන එක එකාට වෙන වෙනම වට්ටෝරු පිළිගන්වන්න ඕන කියලා ආයුර්වේදයේ උගන්වනවාද?

    • ඊරි යකා says:

      සහාතික මොටද ධම්මිකගෙ පැනි බොන්න.,
      ලෙඩෙකුට දීලා බලමුද කටවල් වහාගන්න
      කුහකකමේ කෙළවර තවමත් දැනගන්න,
      පිල්ලි මතුවෙන්නෙ අප ජාතිය නැතිවෙන්න

  3. Nimal says:

    Wattoruwa danaganta nathiwa hithe amaru athi neda

  4. Rh says:

    Indian aureeda Hanumanjies!!!!!!

  5. datha says:

    this mediq man also making socity in various ways.
    dont sure

  6. Boo says:

    ඔය ආයුර්වේද ක්රමය මුලම පටන් ගත් ඝෘෂි වරැත් ඒ කාලෙ ආයුර්වේද වෛද්‍යවරැ විදිහට ලියාපදිංචි වෙලා ඉදලා තියෙනවා.

  7. Neela says:

    ධම්මික බන්ඩාර බෙහෙතක් හැදුවා. විෂකුත් නැතිබව අමත්‍යංශය පත්කරපු කමිටුව සහතික කරලා තියනවා. කොත්තමල්ලි බිව්වත් (නොබිව්වත්) ලංකාවේ 99.5%කට නිකම්ම කොරෝනා හොඳ වෙනවා. ඒකයිි ධම්මික කාලි පැණි මාර්කට් කරන්නේ. ඒක බිව්වත් නැතත් 130,000 න් 1 ක් වත් මැරෙන්නේ නැත. එතකොට එකෙක් බේරගන්න රුපියල් කෝටි 13ක් වියදම් කරන්න ඔිනිද ?

  8. Rh says:

    Aurweda is VERY unethical. Aurweda has no
    Legal right to ask his complete recipe. Who the HELL this Aurweda is?? Entirely Aurweda medicine is different than Hela medicine. Aurweda is a indian thing. They drink Cow pee.
    Pray cows. Hanumanjies.

  9. H.A.A.R. AMARATHUNGA says:

    Do they have any idea about technology? If any lab have HPLC.LCMS,GC,GCMS,FTIR,TLC & distillation unit identification is nothing. Identifying active ingredient is difference case

Main News