ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

December 27, 2020 at 10:40 am | lanka C news
ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

ධම්මික පැණිය ගෙන තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ජනතාව දැනුවත් වන්නේ ධනාත්මක පණිවිඩයක් දීමෙන් බවද ඇය පැවසුවාය.

කොරෝනා පාලනය යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි පරිදි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බවද පවසන ඇය එසේ නොවුණහොත් අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව ද සඳහන් කරයි.

ආයුර්වේදය අනුව ධහ්හික පැණියට අනුමැතිය ලැබුණු බව පැවසුවද ආයුර්වේදයේ දේවල් ගැන තමන්ගෙ නොවිමසන ලෙස ද ඇය කියයා.

‘අපි අනුමැතිය දුන්නේ නෑ. ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ’ යයි ඇය සඳහන් කළාය.

කාලි මෑණියන්ට ලෙඩ සුව කිරීමට හැකි යැයි පැවසීම සංස්කෘතික විශ්වාසයක් බවත් ඒවා සමග ගැටෙන්නට තමන් කැමති නැති වුව ද වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනම මත පිහිටා තොරතුරු තමන් ලබා දෙන බවද ඇය තව දුරටත් පැවසුවාය.

36,788 views

102 Comments to “ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී”

  1. Ravana parapura says:

    ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ.

    සිංහල වෙදකමේ අංග

    සර්වාග වෙදකම
    සර්ප වෙදකම
    කැඩුම් බිඳුම් වෙදකම (ගස් වෙදකම)
    ඔඩුවන් පිළිකා
    දැවුම් පිලළිස්සුම්
    ව්ඳුම් පිළිස්සුම්
    ඇස් වෙදකම
    උමතු රෝග වෙදකම
    චර්ම රෝග වෙදකම

    වත්මන් සිංහල වෙදුන්
    මොවුන් පාරම්පරික සිංහල වෙදුන් ලෙස හඳුන්වයි.

    ඓතිහාසික සිංහල වෙදුන්

    පුලස්ති ඉසිවරයා

    සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය II නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම “…රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි….” යයි එළිදරව්ව – iii නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.
    වෛද්‍ය ශාස්ත්‍රය
    ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.
    හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව “…ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ…” ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

    දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගසඅදටත් ඇත.

    • වයි දිස් කොලවෙරි says:

      පුස්කොල පොත් වල කාලය ඉවර වේගෙන එනකොට ඒවා නැවත අලුත් පොත් වල පිටපත් කරනවා. ඒ විදිහටයි රාවනා කාලේ ඉදන් ඉදන් එන වෙදකම වෙදකම පුස්කොල පොත් වල තාමත් සටහන් වෙලා තියෙන්නේ. සමහර වෙදකම් කවි වශයෙන් කටපාදමේ පරම්පරාවට ගෙන ආපුවා.

    • Jaya Sri says:

      👍👍👍

  2. sunimal says:

    ශ්‍රී ලංකාවේ හෙළ වෙදකම ශ්‍රී ලංකාව සතු අතිශය වටිනා දැනුම පද්ධතියකි. පාරම්පරිකව අපට හිමි වූ හෙළ වෙදකම එහි ප්‍රාතීහාර්යන් ඔස්සේ ලොවම මවිත කිරීමට තරම්ම ප්‍රබලය.
    ලෝකයේ නන් දෙසින් සිසුන්, වියතුන්, විද්‍යාඥයන් ශ්‍රී ලංකාවට පැමිණ අපේ හෙළ වෙදකම අධ්‍යනය කරන්නේ එම නිසාය. එවැනි පුවතක් පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ලොව මවිත කළ අපගේ පාරම්පරික හොරිවිල හෙළ වෙදකම පිළිබඳව ඉගෙන ගැනීම සඳහා සහ ගස් වැල්වල කොළ පොතු මුල් මල්වලින් විස්මිත හෙළ ඔසු සාදා රෝග නිවාරණය කරන ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා එංගලන්ත ජාතික වෛද්‍ය සිසු පිරිසක් මේ දිනවල පලුගස්වැව හොරිවිල පාරම්පරික වෙද ගෙදරට පැමිණ සිටිති.

    පාරම්පරික හොරිවිල හෙළ වෙදගෙදර පාරම්පරික වෛද්‍ය සෙනවිරත්න ඇතුළු පාරම්පරික හොරිවිල හෙළ වෙදගෙදර සේවක සේවිකාවෝ මේ එංගලන්ත ජාතික තරුණියන් හට ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම ලබා දෙමින් සිටියි.

    දේශීය කැඩුම් බිඳුම් පිළිබඳව පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳව මේ කණ්ඩායම විස්මය පළ කරන්නටත් එමෙන්ම ගස්වල පොතු කොළ මල් කපන කොටන තෙල් හිඳින ආකාරයත් එමෙන්ම ඒවා සිදුකෙරෙන ආකාරය අත්විඳින්නටද එංගලන්ත ජාතික වෛද්‍ය සිසු සිසුවියන් කටයුතු කරමින් සිටියි.

    බටහිර වෛද්‍ය විද්‍යාව උගත් ශ්‍රී ලංකාවේම ඇතැම් වෛද්‍යවරු දේශීය වෛද්‍ය විද්‍යාවට ගරගද්දි එංගලන්තයේ වෛද්‍ය සිසුන්දි න කිහිපයක්ම ශ්‍රී ලංකාවේ රැදි සිටිනුයේ දේශීය පාරම්පරික වෙදකම ගැන ඉගෙන ගැනීමටය.

  3. නිලන්ත says:

    පා*කයට 2/3 තිබ්බට හරියට තියෙන්න ඕනි තුනෙන් එක නෑ වගේ වැඩ කරන්නේ.

  4. Rh says:

    President should fire her. She is incapable to handle any job. Prison and Covid both. Best is to retired and open some private practice .

  5. saman says:

    තොපි මේකට බය මොකද බැරිවෙලාවත් මේක හරි ගියොත් තොපිලගෙ සාක්කුවට වලට වැටෙන ඩොලර් ගොඩ නැතිවෙන නිසා. මේකෙ කිසිම වස විෂක් නැහැ කියල තහවුරු කරල තියෙද්දිත් ඇයි තොපිට බැරි සායනික පරීක්ෂාවක් කරන්න. ඒකත් සුද්දො ඇවිත් කරන්නද තොපි බලාගෙන ඉන්නෙ. වල් හැත්ත.

    අපි හිතුව president හරි මේකට මැදිහත් වෙයි කියල. දැන් බලපුවහම එකත් තොපි වගේම තරමයි. ඇයි යකෙකුටවත් බැරි මේක පරික්ෂා කරල හරිද වැරදිද
    කියල කියන්න.

    ඔක්කොම කොමිස් කාක්කො. අපි ආපහු රැවටිලා තව අවුරුදු පහකට.

  6. උපාලි says:

    අනේ මේ නෝනට චන්දෙ දුන්න මිනිස්සු දැන් දුක් වෙනවා ඇති…තමන්ගෙ දේ ගැන මතක් කරන්නවත් කැමති නෑලු….මෝඩ ගෑනි පිට රටට ආවඩපන් ….උබලා මේ රටට සාපයක්….

  7. උපාලි සමරනායක says:

    අනේ මේ නෝනට චන්දෙ දුන්න මිනිස්සු දැන් දුක් වෙනවා ඇති…තමන්ගෙ දේ ගැන මතක් කරන්නවත් කැමති නෑලු….මෝඩ ගෑනි පිට රටට ආවඩපන් ….උබලා මේ රටට සාපයක්….

  8. kure says:

    Puppet of the Drug mafia and NGO’s.

Main News