Exclusive : ධම්මික පැණියට ඖෂධයක් ලෙස අනුමැතිය හිමිවේ…

December 22, 2020 at 10:02 pm | lanka C news
Exclusive : ධම්මික පැණියට ඖෂධයක් ලෙස අනුමැතිය හිමිවේ…

කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය දේශීය ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුව විසින් අනුමැතිය දුන් බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසයි.

මෙම අනුමැති දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන සියළුම තාක්‍ෂණික වාර්තා ඇගයීමට ලක් කිරීමෙන් බවද ඇය කියා සිටී.

එම ඖෂධය කොරෝනා ආසාදිතයන් සදහා සුදුසුද යන්න සායනික පරීක්‍ෂණවලින් අනතුරුව නිගමනය කරන බවද ඇය සදහන් කලාය.

ඒ සදහා පත් කර ඇති විද්වත් කමිටුව විසින් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගනු ඇතැයිද ඇය කියා පැවසුවාය.

53,390 views

54 Comments to “Exclusive : ධම්මික පැණියට ඖෂධයක් ලෙස අනුමැතිය හිමිවේ…”

  1. Karunadasa says:

    කොරෝනා රෝගය සුව වෙනවා නං ඒකෙන් වලකින්න පුලුවන්නං බෙහෙත කාගේද කාලිමෑණියන්ගේ ද අල්ලා දෙවියන් ගේද එහෙම නැත්නං හින්දු දෙවි කෙනෙක් ගෙද කතරගම වෙනත් වෛද්‍යවරයෙකු ගේද අපිට අදාලම නෑ. එයින් ගොඩ එන්න තියෙනවා නං ඒක තමයි එකම විසඳුම. නිකරුණේ රට ආගාධයට යනවා ජනතා මියැදෙනවා වැලකීමට ඇත්නම් තවත් මොනවද. කියමනක් තියනවනේ දියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන බව. මේ පැනියට පහුගිය දවස් වල කළ අපහාසය පාර්ලිමේන්තුවෙත් ඉන් පිටත් නරුමයන් කල අපහාස අපමනයි

    • Rasika says:

      දැන් මේ පැනිය හරිම පැනිය කියලා කියන්නෙ කොහොමද? එතකොට රිටිගල පැනිය වැරදි කියන්නෙ කොහොමද?? ඒතිරනය ගන්නේ කාලි හරි වෙන දෙවි කෙනෙක්ගෙන් එන බලයකින්ද? දෙරනද , සිසිර ජයකොඩිද? ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනිකා එක්ක ගහපු ගිවිසුම ගැන දුක්වන නලින් සිල්වා ධම්මික දෙරන එක්ක ගිවිසුමක් ගහලද කියල හොයන්නෙ නැත්තෙ ඇයි?

      • රන් ගොසික says:

        පැනිය හරිද කියලා බලන්න ඒක බීලා අටලුගම පල
        ලෙඩේ හැදිලා මලේ නැත්තන් හරිනෙ

  2. narada says:

    අපේ හෙළ ඔසු බීලා මලත් කමක් නෑ ඒක සැපයි. නින්දා අපහස කරපු අයටත් මේකම බොන්න සිද්ද වෙන්න ඕන.ධමිමික වෙද මහතා මොනවා වුනත් අවංක සේවයක් කරේ එතුමට තෙරුවන් සරනයි

    • රසික says:

      දැන් මේ පැනිය හරිම පැනිය කියලා කියන්නෙ කොහොමද? එතකොට රිටිගල පැනිය වැරදි කියන්නෙ කොහොමද?? ඒතිරනය ගන්නේ කාලි හරි වෙන දෙවි කෙනෙක්ගෙන් එන බලයකින්ද? දෙරනද , සිසිර ජයකොඩිද? ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනිකා එක්ක ගහපු ගිවිසුම ගැන දුක්වන නලින් සිල්වා ධම්මික දෙරන එක්ක ගිවිසුමක් ගහලද කියල හොයන්නෙ නැත්තෙ ඇයි?

      • opps says:

        “පැනිය හරිද කියලා බලන්න ඒක බීලා අටලුගම පල
        ලෙඩේ හැදිලා මලේ නැත්තන් හරිනෙ”

        උපුටා ගැනිමක්

  3. ක්‍රිමිනල් ගේ තාත්තා says:

    බුදුහමුදුරුවන්ටත් අකුල් හෙලුවා මම දකින්නෙත් මේ පැනිය ටත් අන්න එවගෙ තමයි අකුල් හේලනවා හැබැයි පැනිය කලි අම්මා ගෙනම් ජය නියතයි

  4. Rasika says:

    දැන් මේ පැනිය හරිම පැනිය කියලා කියන්නෙ කොහොමද? එතකොට රිටිගල පැනිය වැරදි කියන්නෙ කොහොමද?? ඒතිරනය ගන්නේ කාලි හරි වෙන දෙවි කෙනෙක්ගෙන් එන බලයකින්ද? දෙරනද , සිසිර ජයකොඩිද? ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනිකා එක්ක ගහපු ගිවිසුම ගැන දුක්වන නලින් සිල්වා ධම්මික දෙරන එක්ක ගිවිසුමක් ගහලද කියල හොයන්නෙ නැත්තෙ ඇයි?

    • opps says:

      “පැනිය හරිද කියලා බලන්න ඒක බීලා අටලුගම පල ලෙඩේ හැදිලා මලේ නැත්තන් හරිනෙ”
      උපුටා ගැනිමක්

Main News