ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නක් ගෙන්වන්න සාකච්චා අරඹයි.. පෙබරවාරියේදී එන්නත ලංකාවට..

December 18, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නක් ගෙන්වන්න සාකච්චා අරඹයි.. පෙබරවාරියේදී එන්නත ලංකාවට..

කොරෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ෆයිසර්, මොඩානා, චීන සහ රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට ඒ අනුව සැලසුම් සකස් කරමින් සිටින බවත් අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදී ද දීම එම එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සුව කිරීම සදහා නිපදවූ බව කියන ඖෂධය සදහා මෙතෙක් අනුමැති ලැබී නැති තත්වයක් යටතේ මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.

29,887 views

30 Comments to “ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නක් ගෙන්වන්න සාකච්චා අරඹයි.. පෙබරවාරියේදී එන්නත ලංකාවට..”

  1. පැණියා says:

    දන්න දෙයක් නැති..නොදන්න දෙයක් නැති පැණියෙක්..

  2. කුඹුක්කණ් says:

    දවස් 03 න් ප්‍රතිපල ලැබෙනෙ බෙහෙතක් ටෙස්ට් කර ගන්න මෙච්චර කල් මරන්නෙ ඇයි. ඔය පරීක්ෂණ කමිටුවෙ සෙට් එක පයිසර් ඩොලර් වලට යට වෙලා ද කියලා පොඩ්ඩක් හොයල බලන්න ලොකු මහත්තයො

    • Rata Wenuwen says:

      බෙහෙතේ සවිය සහතික පත නොවේනම්,
      ලෙඩා කැමති පැණියෙන් ලෙඩ ටික සුවවේනම්,
      චන්න ඇමතියත් එය පානය කර ඇත්තේනම්,
      හරිම හරි හොඳයි කවුරුත් මේ ගැන සිතුවානම්

    • ගොන් බයියා says:

      කාලි මෑනි පිහිටයි

    • ක්‍රිමිනල් says:

      පොල් බුරුවෝ ඔය පැණිය අමු බොරුවක් , උබලා ඔච්චරටම ගොංද ? ඉස්සෙල්ලාම බේතක් හොයාගන්න ඔනේ මුන්ගේ ගොං කම නැතිකරලා දාන්න.

      • කාන්තාර පළඟැටියා says:

        මුන් මෙහෙම මෝඩනම් මුන්ගෙ දරුමල්ලො කොහොම වෙයිද? දැනට අවුරුදු 40 කට විතර ඉස්සර හිටපු සිංහල මිනිස්සුන්ට තර්ක බුද්ධිය තිබුනා. මුන්ට මෙහෙම වෙන්න හේතුව අනුමාන කරන්නත් අමාරුයි. පුදුමයි.

        • Rata Wenuwen says:

          පැනිය බොන්න කැමති අය බීපූවාවේ,
          ලෙඩ නොසැදී ඉන්නට හැකිවුනාවේ,
          කුහකයන්ට දවල් තරු ටිකටික පෙනුනාවේ,
          ධම්මික පැණිය ලඟදිම ලොව රජ වුනාවේ

        • කුඹුක්කණ් says:

          තර්ක බුද්ධිය , අනේ බං උඹලට තියෙනවා ඒක , බම්බුව
          උඹලා යකෝ විද්‍යාව විද්යාව ගගා පයිසර් කම්පැනියෙ සේල්ස් රෙප් කං කරන උං

      • ෆයිසර් සමාගම says:

        මගේ ගෝලයො ටික හොඳටම වැඩ

      • කුඹුක්කණ් says:

        ආ ගොං ක්‍රිමිනලයා, පෑඩ් සජ්ජා, ජෙප්පා වගේ ඉදං සජ්ජගෙ පෑඩ් හෝදන එකා
        උඹ ගොං කමට බේතක් හොයා ගනිං
        බීලත් බලහං

        මෙච්චර කල් පයිසර් උඹ වගේ කුලී හිඟන්නන්ට ටොකු ඇන්නා කියලා තේරෙයි බොට බාග වෙලාවට

  3. Hesh says:

    හොදයි. අපි කරන්න ඕනෙ අපේ ඔප්ශන් ගාන වැඩි කරගන්න එක මිසක් බටහිර, දේශීය කියලා එකකට විරුද්ද වෙන එක නෙවේ. එන්නතත් අවශ්යයි, ඒ වගේම දේශීය බෙහෙත් තියෙනවනම් ඒවා ගැන පරීක්ශන කරන්නත් අවශ්යයි. සජිත්ට, අනුරට චන්දෙ දෙන මොල ගෙඩි වලට නොතේරෙන සරල තර්කය ඕකයි.

    • ක්‍රිමිනල් says:

      ඔප්ශන් ගාන වැඩිකරන්න ඔනේ , කාළි අම්මගේ පැණිය , රාවණා ගංජා මිශ්‍ර පැනිය , සුදර්ශණී පැණිය වගේ උලව් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රමොට් කරලද ? ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවක් තියෙනවා , දේශීය වෛද්‍යක්‍රමය ප්‍රැක්ටිස් කරන සහ එ අංශයෙන් ප්‍රවීණ උදවිය රැස් කරලා , කරන්න පුළුවන් දෙයක් රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න ඔනේ . එක එකාට ඔනේ විදියට කපුවො ,ගංජා ඔස්තාර්ලව ෆෝම් කරලා මිනිස්සු අන්දන එක නෙමේ. උබලා වගේ හුලගටත් අහුවෙන මීහරක්ට නොතෙරෙන ප්‍රත්‍ය ඔන්න ඔකයි.

      • SLguy says:

        Well said. 100% agree. The government needs to order vaccines ASAP without further delay and unnecessary drama. Pfizer vaccine has been tested with more than 70,000 people (across nations) over 6 months, which provide 95% effectiveness. It could be costly because of the high demand. However, there will be ways to get it free for developing countries with help from WHO and developed contries. Investigating those avenues should be the topmost priority.

      • කුඹුක්කණ් says:

        ටිකක් හොඳ කතාවක් කාලෙකට පස්සෙ කියලා තියෙනවා, මූ සමහර විට ක්‍රිමිනල් නමින් රටට ආදරේ කරන එකෙක් දැම්මද දන්නෑ.

        දැන් සුදු බබා කියන්න බලන්න, ඇයි රජයෙන් නඩත්තු කරන ආයුර්වේද දෙපාර්තමෙන්තුව කොරෝනා ප්‍රතිකාර කරන්න ඉල්ලද්දි
        ඔෆීෂලි ඒක කරන්න නොදී , බෙහෙත් නැති මේ බටහිර ඉස්පිරිතාලවල ඒකාධිකාරයෙන් තිය්ං ඉන්නෙ ඇයි කියලා?

  4. Sunil Dahanayake says:

    This is really a good news. Best weapon for the Covid-19 is the Vaccine.

    Fizer vaccine is expensive, transpiration difficult, need very cold refrigerators. But the Moderna is less expensive and can be stored in the normal refrigerators. Keep fingers crossed. February, 2021 is optimistic but can be done.

  5. හිටං හුටං says:

    මේකෙ දැන් ඉන්න මහාචාර්ය වරු ඉස්සර හිටං උන්ට මායිම් කරන්න බෑ. ගොං ජයසුමනයෝ! තොට ඇමෙරිකාවේම මොඩර්නා සමාගමෙන් වත් එන්නත ගේන්න දෙන්නේ නැති එක රුසියා චීන එන්නත් ගැන හීනෙන් වත් හිතන්න පුළුවන් ද හුටං? මොඩර්නා එන්නත ගබඩා කරන උෂ්ණත්වය සෙල්සියස් -20, පයිසර් එන්නත ගබඩා කරන්න සෙල්සියස් -80 වක පමණ සුපිරි අධිශීතකරණ උවමනායි හිට-හුටං. පයිසර් ම උවමනායි හුටං! නැතිනම් මෙහෙ නියෝජිතයාගේ ලොකු එකෙන් ඔහේ ගේ පස්සට අනීවි . හුටාාා!ජයසුමනයෝ! කොහොම උනත් ගුද මාර්ගය තුවාල වෙන විට ගාන බෙහෙත් ටික ලඟ තියාගන්න.

  6. Raj Fernando says:

    ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා වලට හදපු බේත බොන්න රජයේ වත් ලොකු ආචාර්ය වරුන් ගේවත් අනුමැතිය දැන් අවශ්‍ය නෑ. ඖෂධය ගත්තු අයට අසාත්මික තත්වයක් මතුවුවොත් පමනය් පරීක්ෂණ අවශ්‍ය වෙන්නේ. බෙහෙත රසායනාගාර දෙකකට යැව්වා නම් ඒවායේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නැත්තේ ඇයි? රසායනාගාරවලට යවා නොමැති නම් එය ප්‍රකාශ කරන්න, ඊට හේතුවත් සඳහන් කරලා. ඒක දැනගන්න ජනතාවට අය්තියක් තිබෙනවා.

    • ක්‍රිමිනල් says:

      මේසන් බාස්ගේ පැණිය නෙමේ ,මේ පාණ්ඩුව ප්‍රමොට් කරන ඔනම මිත්‍යාවක් කරපල්ලා කිසි ගැටළුවක් නෑ. හැබැයි ඔය පැනී ගසලා , මාස්ක් එකක් නැතුව ,සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේද පිලිපදින්නැතුව , සමාජ දුරස්ථභාවය නැතුව ,පිස්සු කෙලින්න එන්න එපා , උබලා කැමති උලව්වක් බීපල්ලා , එත් වීරයො වෙලා රට ආමරුවේ දාන්න එපා ,එදා කැගල්ලේ පැණිය ගන්න පෝලීම් වෙලා මීහරක් වගේ නටපු නැටිලි නටන්න ලෑස්තී වෙන්නෙපා.

  7. Alapaluwa says:

    පව් පැණි බොන්න හිටපු ගොන් බයියෝ සෙට් එකට ස කරපු දේ.

  8. ජයසේන says:

    මොන ජාතිකාවාදී මුණ දාගෙන ආවත් චන්නත් මාසක් සැනටයිසර් වැක්සීන් වෙලෙන්දන් යටවෙන බව අපි නම් කලින්ම දැනන් උනන්නේ. සල්ලි කඳු ඉදිරිපිට නැමෙන්නේ නැති වෙන්න ඔයිට වඩා ලොකු පෟරුෂයක් ඔනේ.

  9. Modaya says:

    A very good move. Set up one of the vaccination centers at the airport. All passengers can get the vaccination for a fee.

  10. අජිත් says:

    ධම්මික පැණිය ධනපාල පැණිය ලෙස වෙනස් විය යුතුය.

Main News