ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

December 19, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

206,588 views

78 Comments to “ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..”

  1. නිලන්ත says:

    මුං බොරුවට කෑ ගහනවා. කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගේ යන්ත්‍ර මන්ත්‍ර හා වෙදකම් පුස්කොළ පොත් ටික තියෙන තැන ම’ දන්නවා. ඒවා තාම පාවිච්චි කළේ නෑ. උඹලාට බලා ගන්නඔිනි නම් පිටු දෙකක් එවන්නම්. කට වහගෙන හිටු. ඔය ඔක්කොටම ඩා දේවල් ඒවායෙ තියෙනවා.

    • Deviyo says:

      Bora diye maalu baanna hadana eka nam a tharam honda deyak nevi.

    • mp says:

      ඉතින් ඕක බලල බෙහෙතක් හදපන්කෝ… නිකන් පොර ටෝක් නොදී… !!!

      • Saradiel says:

        අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඔබතුමා ගත් තීරණය අපි අගය කරමු ..මේ පැණිය විෂ රහිත කොරෝනා වෛරසය නසන බෙහෙතක් නම් මෙය මුළු රටටම ලබා දිය යුතුයි ….අපේ හෙළ වෙදකම් අගය කලයුතුයි ..එය හදපු පුද්ගලයාගේ තරාතිරමෙන් ඇති පලයක් නැත

  2. A.View says:

    බටහිර නොවන බෙහෙතක්, බටහිර ක්‍රමයට අදාල පරීක්ෂණ කරන්නෙ කොහොමද? අතූරු ආබාධ වැඩිබව ඔවුන්ම පිලිගන්න බටහිර බෙහෙත් වලට ආයුර්වේද ක්‍රමයට අදාල පරීක්ෂණ කරන්න ගියොත් කොහොම නටයිද?

  3. sadun ekanayaka says:

    totally agree with you. ape minissu meka deshapalana asakin dakinne. anduwata wirudda una paniyatath wirudday

  4. Gamini says:

    This fellow and bogus RENI weda good to plough paddy fields in place of buffalos.

  5. Jaya says:

    Oyata hoday Dammikayata ekaparatama allala Pu…. ariyanam.

  6. Nelum says:

    Professor Jayasumana Sir, you r a genius. Proud of your humble thoughts on different types of treatments and specially your expertise knowledge on any kind of local medicines.

  7. ravana says:

    lankaawa dan hama thanama wage bhadrakaali ammalaa innawa. okilaawa okkoma mada peradigata yawuwoth apata widesha winimaya yahamin hamba kara ganna puluwani. thambilaatath amuthuma widihe aaathal ekak labewi

Main News