ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්

December 30, 2020 at 2:10 pm | lanka C news
ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්

රජය විසින් මේ වන විට කොරෝනා සඳහා බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතයට මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් එන්නත් ජනතාවට ලබා දීමට ආරම්භ කර ඇති බවත් මෙරටට එම එන්නත් ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා ඇති ඇති වැටී ඇති බවත් එම ආර්ථිකය ගොඩ දැමීමට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙරට ආයුර්වේදට කළ හැකි ලොකුම අපහාසය, ලොකුම නිග්‍රහය මේ පැණිය බවත් රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ද එම පැණිය බීලා රටට පෙන්වන්නේ එය විසදුම ලෙස බවත් ඔහු කියා සිටියේය.

තිස්සමහාරාමයේ දී පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

20,693 views

37 Comments to “ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්”

  1. Baba says:

    ඔබ තුමා කොච්චර කගැහුවත් මිනිස්සු නම් ආයේ චන්දේ දෙන්නේ නැ දැන් ඇති ඒ පැතෙන් මේ පැත්තට මේ පැතෙන් ඒ පැත්තට චන්දේ දුන්නා මිනිස්සු ඒ හරක් විකුණලා තියෙන්නේ

  2. Alapaluwa says:

    පැකනිල්ද ගෙන්වන්න කියන්නේ??

  3. kawinda says:

    aayemath chande ganna nam parana kramayata aanduwata benala hariyanne nehe.honda yojana idiripath karala balanna.

  4. බොල්පිලිමා says:

    හැමෝටම කියන්නේ ඉවසිිමෙන් තවසති දෙකක් හිටපියව්

  5. ගමේ වෙදා says:

    පැණිය අපහාසයක් නම් පැල්කනිල් ටොප්ද ?ඔය පයිසර් එන්නතත් පස්සෙ ප්ලැකනිල් වේවිද කවුද දන්නෙ

  6. Ranmal says:

    If he say so, Im sure the local dhammika paniya is working. This fellow is always representing western mafia since recently for money. Russian or chinese vaccines may be given free or low priced than the US or UK vaccines

  7. Ravana parapura says:

    Born again සජිත්ගේ පණිවිඩය ගණන් ගන්න එපා.

Main News