ධම්මික පැණිය මං බිවුවා..- විමල්

January 12, 2021 at 11:20 am | lanka C news
ධම්මික පැණිය මං බිවුවා..- විමල්

කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය තමන් පානය කළේ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බටහිර විද්‍යාව පමණක් විශ්වාස කරන අය එම පැණිය දෙන දෙස උපහාසයෙන් බැලූවද තමන් එසේ නො බැලූ බව ද ඇමතිවරයා පවසයි.

ලෝකයේ ඇත්තේ එක දැනුම් පද්ධතියක් නො වන බවත් පෙරදිගට විශේෂ දැනුම් පද්ධතියක්ද ඇති බවත් ඇමැතිවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 වැඩසටහන සමග එක්වෙමිනි.

63,865 views
Main News