ධම්මික පැණිය රජයේ රෝහලක කොරෝනා ආසාදිතයන්ට..

December 30, 2020 at 10:02 pm | lanka C news
ධම්මික පැණිය රජයේ රෝහලක කොරෝනා ආසාදිතයන්ට..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධයට ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමි වූ බව දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේ දී එය සායනික පරීක්ෂණ සඳහා සූදානම් කර විද්වත් කමිටුව යටතේ අධීක්‍ෂණය කරව බවත් ඇය පවසයි.

මේ අතර රාජ්‍ය ඇමති චන්න ජයසුමව මහතා සඳහන් කරන්නේ මෙම අනුමැතිය පැණිය අනුමත කිරීමක් ලෙස වරදවා වටහා ගත යුතු නැති බවයි.

මේ ලබා දී ඇත්තේ මෙම පැණිය සඳහා රජයේ රෝහලක පරීක්ෂණ සඳහා ලබාදීමට දී ඇති අනුමැතියක් බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පරීක්ෂණවල ප්‍රතිඵල උපරිම සති දෙකක කාලයක් ඇතුළත ප්‍රකාශ පත් කළ හැකි ද හැකිවනු ඇතැයිද ඔහු සදහන් කලේය.

40,714 views

14 Comments to “ධම්මික පැණිය රජයේ රෝහලක කොරෝනා ආසාදිතයන්ට..”

  1. Aurora says:

    ප්‍රමාද කලයුතු නොවේ. රටට ආදරේ මිනිසුන් බලාපොරොත්තු සහගතවද බටහිරට ආදරේ මිනිස්සු වෙව්ලමින්ද බලාගෙන ඉන්නවා.

  2. විමර්ශන says:

    බලමුකෝ මේ පාරවත් මේ බටහිර ගැති මාෆියාවෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියල .

  3. Citizen says:

    Sathi 2 ewa kiyak gihiya da ? Wambatu gediyak umba puka hara gannine .Ennatha rata ta dipiya balla.

  4. ලංකාවේ දොස්තර says:

    ධම්මික පැණියෙ ගුණ අගුණ කියන්න මොකටද සායනික පරීක්ෂාවක්?

    ලේසිම ක්‍රමය තමා ධම්මිකගේ රස්සාව හොයන එක.
    රස්සාව දොස්තර නොවේ නම් පැණිය වැඩ කරන්නේ නැහැ.

    ඊලග ක්‍රමය තමා ධම්මිකගේ මී මුත්තාගේ කසාද සහතිකය හොයන එක.
    මී මුත්තා කසාද බැදලා නැත්නම් පැණිය වැඩ කරන්නේ නැහැ.

    මේ වගේ ලේසි ක්‍රම තියෙද්දී මොකටද සායනික පරික්ෂා කරලා කාලය නාස්ති කරන්නේ?

    • Hesh says:

      ලන්කාවේ දොස්තරලා හරි වැරැද්ද තේරුම් ගන්න කාලයක් මේක. අමතක කරන්න එපා හෙල සුවය ඇදගෙන යන්නෙත් දොස්තරලා. ධම්මික බෙහෙත මුලින්ම පරීක්ශා කරෙත් දොස්තර කෙනෙක්.

      හදන්න බැරි ජාතිය තමයි A/L වලටා Arts කරලා, විද්යා මාහාචාර්යවරු වගේ හැසිරෙන රැකියා විරහිත ජෙප්පො සෙට් එක.

      • ක්‍රිමිනල් says:

        මේ රටේ ඉන්න ජොස්තරලත් මිත්‍යාව කරේ තියාගෙන යනවා , දේවමණ්ඩල ,මහායනීක මතවාද ,නාථ දේව සංකල්ප , දේව බලයෙන් ආසනික් , කාළී වරමින් පැනි , ජොස්තරයෙක් උන පලියට කාලයත් සමග වැලදෙන මානසික රෝග , ප්‍රවේණීදාසකම ,මුදලට විකීනීම වගේ දේවල් නැතිකරන්න බෑ .ගමේ ගොඩේ ඉන්න මෝඩ බෛයන්ට වඩා මේ කියන බෛයි උගත්තූ මේ රටට මහා පිලිලයක් , දේශීයත්වය ,බෞද්ධකම මුං ආදේශ කරගන්නේ තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට මිසක් සත්‍ය ගවේශණයට නෙමේ.
        අපි පරිස්සන්වෙන්න ඔනේ උබලා වගේ මෝඩබෛයන්ගෙන් නෙමේ අමූ බෛයි මතවාද තියන සමාජයේ පිලිගැනීමක් තියෙන බෛයි වියත්තුන්ගෙන්.

  5. ක්‍රිමිනල් says:

    බෛයි සිහින තව සති දෙකයි..😂😂😂 ! සුදර්ශණී පැනිය වගේ ඔකත් ජයසුමණලා එක්කම වැලලේවී.

  6. Palle says:

    මහාචාර්ය චන්න ජයසුමන උග්‍ර මිථ්‍යා දෘෂ්ටිකයෙක්.

  7. හැඳි මිටේ නුවණ says:

    ඇඟේ ප්‍රතිශක්තිය තියෙනවනම් කොහොමත් ඔය කියන කාල සීමාව වෙනකොට වයිරස් එක අයින් වෙනවා. ඒකට පැණි ඕනේ නෑ. මේ වෙනදේ මොකක්ද කියල ඇත්තටම තේරෙන්නේ නැහැ. මෙච්චර මේක අසාර්ථක වෙලා තියෙද්දී බීපු අයට ආසාදනය වෙලා තියෙද්දී එක්කෝ ධම්මික මහත්තයා මේක වෙනස් කරන්න ඕනේ.

  8. Ravana parapura says:

    ජය පතමු

  9. nilu perera says:

    Paniya denne kawadda?

Main News