ධම්මික පැණිය සායනික පරීක්‍ෂණ වාර්තා නිකුත් වේ.. කොරෝනා රෝගීන් සුව නොවේ..

May 2, 2021 at 10:08 am | lanka C news
ධම්මික පැණිය සායනික පරීක්‍ෂණ වාර්තා නිකුත් වේ.. කොරෝනා රෝගීන් සුව නොවේ..

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණය සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 68 දෙනකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කළේය.

වතුපිටිවල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී 100% ප්‍රතිඵල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට පෙර නිවේදනය කළේය.

සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමුකර ඇත.

විද්වත් කමිටුව පසුගිය බදාදා (28දා) රැස්වී මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අතර, එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.

කොවිඩ් රෝගීන් 100%ක් සුව වන බව ප්‍රකාශ කරමින් සකස් කළ මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජන කොට්ඨාසයක් ලබාගැනීමත් සමග සායනික පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇත.

– aruna

88,839 views

95 Comments to “ධම්මික පැණිය සායනික පරීක්‍ෂණ වාර්තා නිකුත් වේ.. කොරෝනා රෝගීන් සුව නොවේ..”

  1. ආතා says:

    ඔය පරීක්ෂා කිරීම ගැන අපිට නම් කවදාවත් ශත පහක විශ්වාසයක් තිබුනේ නෑ. ඔය පරීක්ෂණය කරපු සෙට් ඔය බෙහෙතට ආරම්භයේ සිටම කෙනෙහිලිකම් කරපු උදවිය. සේනක පිලපිටිය කියන්නේ ආයුර්වේද ඩොකෙක් වෙන උපාලි පිලපිටියගේ පුතා. ඔය පැණියට මුල ඉදලම විරුද්ධ උනේ ඩැනිස්ටර් පෙරේරා පුමුඛ ආයුර්වේද කල්ලිය. ඔය පරීක්ෂණය කරපු සිරිබද්දන ඩොකා ඇතුලු සෙට් එකේ ඩොකාලගෙ ෆේස්බුක් එකවුන්ට්වල පලවුන දේවල් බැලුවනම් වෙලා තියෙන දේ තේරෙයි.

    • Janaka says:

      දැන් එතකොට උඹට විශ්වාස කරන්න නම් උඹ කැමති විදියේ ප්‍රතිඵලයක්ම එන්න ඕනද? දැන් මේ අයම පරීක්ෂණය කරලා ඕක වැඩ කරනවා කිව්වා නම් ඒත් උඹ ඔය කතාවම කියනවද? නටන්න බැරි එකාට පොළව ඇදයි වගේ කතා තමයි ඔය.

    • කුඹුක්කණ් says:

      ඩොක්ටර් අරුණ මුණසිංහ කරන කොට හොඳ වෙන්නයි , දැන් බැරි වෙන්නෙ කොහොමද? මේක වැඩෙ අනන්නම කරපු වැඩක්.
      මාස 6 කට වැඩිය කල් අරං කලේ ලෙඩ්ඩු 68 කටද?
      මාසෙකට ලෙඩ්ඩු 6 ද පරීක්ෂා කලේ මොන විහිලුවක්ද

      අනෙ හුකේ…

      මාස 6 ක් තිස්සෙ පැණිය දීලා , 68 ක් ෆේල් වෙච්ච උන් තෝරගෙන
      අනුරාධපුර රෝහලට මාසෙකට එන්නෙ කොරෝනා ලෙඩ්ඩු 200 යි කියමු, මාස 6ට 1200

      එතකොට පැණිය 1000 කට විතර දුන්නා කියමු. 930 විතර හොඳ වෙනවා 68 කට කෙලවෙනවා
      ඊට පස්සෙ කියනවා
      රෝගීන් 68 යොදාගෙන සිදු කරපු පරීක්ෂණයකින් මෙය ෆේල් බව ඔප්පු වේ කියලා.

      • Lasantha says:

        ඔව් ඔව් උඹට වතුපිටිවල PCR වාර්තා 39කින් විතරක් පැණිය වැඩ කරනවා කිව්වම ඒක පිළිගන්න පුළුවන්. ලෙඩ්ඩු 68කින් පරීක්ෂා කරලා වැඩ ක්‍රන්නේ නැහැ කිව්වම ඒක වැරදියි. වතුපිටිවල අර ඉතිරි PCR 11ට මොනවා වුනාද කියලා අදටත් දන්නේ නැහැ.

        යකෝ මේ පරීක්ෂණය ඔය වතුපිටිවල කරා වගේ ආවාට ගියාට කරපු එකක් නෙවෙයි. ඊට වැඩිය ගොඩක් විද්‍යාත්මක විදියටයි ඔය පරීක්ෂණය කරේ.නිකන්ම එන එන කොරෝනා ලෙඩාට පැණිය දීලා ඔය වැඩේ කරන්නේ නැහැ. ලෙඩ්ඩු තෝරා ගත්තේ යම් කිසි cරිටේඅ එකක් අනුව. ඕක ගැන ජයසුමන ඇමතිවරයා දවසක් පැහැදිලි කරා. එහෙම කලේ ප්‍රතිඵලයට බලපාන්න පුළුවන් වෙනත් කරුණු පුළුවන් තරම් අයින් කරන්න. ලොකු ලෙඩ්ඩු ගාණකට පැණිය දෙන්න බැරි වුනේ ඒකයි. ඒ වගේම දැන් ප්ණිය හදන එකත් නවත්තලා තියෙන නිසා තවත් කාට ආත් පැණිය දීලා බලන්න විදියකුත් නැහැ. ඉතින් තියෙන දත්ත වලින් ප්‍රත්ඵලය නිකුත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

  2. malraj says:

    කුරුඳු සිගරට් එක හරියන්නේ නැද්ද කොරෝනා පාලනයට? hitan

  3. Nande says:

    අඩෝ දම්මික ගත්ත
    රුපියල් 4000 දීපන්.

Main News