ධම්මික පැණිය සෞඛ්‍ය අමාත්‍යංශ පරීක්‍ෂණයෙන් ඉවතට..?

December 20, 2020 at 10:02 pm | lanka C news
ධම්මික පැණිය සෞඛ්‍ය අමාත්‍යංශ පරීක්‍ෂණයෙන් ඉවතට..?

කොරෝනා වෛරසය ඒ මැඬලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙන ලද ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කටයුතු ඉවත් කර ඇතැයි රූපවාහිනි සංස්ථා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කොරෝනා මර්දනයට මෙරටින් හදුන්වා දුන් ඖෂධ වර්ග තුනක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාවට බාර දී තිබූ බව කලින් දැනුම් දී තිබූ නමුත් අනුමැතිය ලබාදීම හමුවට ඉදිරිපත් කර ඇත්තේ ඖෂධ දෙකක් පමණක් බව ද එම සභාව සඳහන් කර ඇතැයි ද වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඖෂධය අනුමැතිය සදහා ඉදිරිපත් නොවූ බවද එම සභාවේ සභාපති වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා සඳහන් කර ඇතැයි අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

76,248 views

24 Comments to “ධම්මික පැණිය සෞඛ්‍ය අමාත්‍යංශ පරීක්‍ෂණයෙන් ඉවතට..?”

  1. truth says:

    den ape internet HELAYONTA mokada wenne?

  2. Kadiya says:

    කැමති උන් මොකක් හරි එන්නතක් සුද්දන්ගෙන් එනකම් බලන් හිටපල්ලා, ඒක මෙහාට එන්න අවුරුද්දක් යනවා. එතකම් කලබල වෙන්න එපා. ඒ අතරේ කැමති අය විතරක් ධම්මික මහතාගේ පැණිය ඒ මහතා කියන විදියට පාවිච්චි කරන්න. හැබැයි පස්සේ ධම්මික මහතාගේ පැණිය බොන්න හිතුනොත්………

    • OLU says:

      අපේ රටේ මිනිස්සු පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් අගය කරනවා ..තමාගේ රටේ දේශීය දේවල් වලට ගරහනවා …ඔවුන්ට අවශ්‍ය වුනේ ධම්මික මහතාගේ පැණිය නිසා කොරෝනා සුවවීම නතර කරන්න ..එයට ගොඩක් බටහිර වෛද්‍යවරු විරුද්ධ වුනා ..හෙළ වෙදකමට ඔවුන් අකමැතියි ..දැන් ඔවුන් ගත් උත්සාහය හරි ගියා ..අපේ රටේ මිනිස්සු තමන්ගේම ජාතිය හෙළා දකිනවා ..එකිනෙකා අතර කිසිම සමගියක් නැහැ ..පුදුම ඉර්ෂියාවක් තියෙන්නේ ..මෙය සුළු ජාතිකයෙක් සොයා ගත්තා නම් ඔහුව අගය කරයි …සිංහලයෙනි සමගි වෙයල්ලා ..රටක් ජාතියක් දියුණු වන්නේ ඔවුන්ගේ ජාතිය එකමුතු වූ විටයි රට ජාතිය ගැන සිතපල්ලා

Main News