ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

June 15, 2022 at 10:02 pm | lanka C news
ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් කියා සිටින්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පුද්ගලයකු පත් කළ හැක්කේ එම පුද්ගලයා මැතිවරණයේදී දිස්ත්‍රික් සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් වුවහොත් පමණක් බවය.

නමුත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉතුරු ඉකුත් මැතිවරණයේදී එම කිසිදු නාම යෝජනා පත‍්‍රයක නොතිබූ බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යයි පැමිණිලිකරුවන් කියා සිටී.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

79,771 views

21 Comments to “ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..”

  1. wije says:

    Oya Sottiya kohomatah kuhakaya, Oka lankaawa diunu wenawata kamati naha JVP vagema.

  2. Gamini says:

    This man every time jump even he don’t work its too much

  3. නීතිගරුක පුරවැසියන් says:

    ධම්මික පෙරේරා ගේ පත්වීම වැරදි නම්, බැසිල් රාජපක්ෂ පත්කරේ කෙසේ ද ? ඔහුත් පසුගිය මැතිවරණ නාම යෝජනා කිසිවක සිටියේ නෑනේ. ?? මොකක් මේ නීතිය ???

  4. යකාගෙ නීතිය says:

    ඔක්කොමට ඉසෙල්ල මේ පකයව අතඅඩංගුවට ගන්න ඕනෙ අදිකරනය නොමග යවනවට. බැසිල්, ෆොන්සේක පාර්ලිමේන්තු එනකොට මූ කෝමො තත්වෙ හිටියද.

Main News