ධම්මික පෙරේරා රිවස් වෙයි.. මන්ත‍්‍රී ධුරයේ හෙට දිවුරුම් නොදෙන බව දන්වයි..

June 20, 2022 at 10:02 pm | lanka C news
ධම්මික පෙරේරා රිවස් වෙයි.. මන්ත‍්‍රී ධුරයේ හෙට දිවුරුම් නොදෙන බව දන්වයි..

හෙට දිනයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සූදානමින් සිටි ධම්මික පෙරේරා මහතා එය කල් දමා තිබේ.

ඔහුගේ ජාතිය ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබා දෙන තුරු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් නොදෙන බව ඒ මහතාගේ නීතීඥයා අද දිනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම ගැසට් කර ඇති ඒ මහතා හෙට පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව තිබූ අතර අනතුරුව ජනාධිපතිවරයා හමුවේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමටද සූදානමින් සිටියේය.

36,015 views

11 Comments to “ධම්මික පෙරේරා රිවස් වෙයි.. මන්ත‍්‍රී ධුරයේ හෙට දිවුරුම් නොදෙන බව දන්වයි..”

  1. නීති සංගමේ අත්පොලසන් says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී වීමට ප්‍රශ්නයක් නැත.

    • ගු-VP-සක්කිලි $$$$$$$$ NGO PVT LTD says:

      රට අපට දියව් අපි රට ගත්ත දා ඉදල ඩොලර් පොම්පකරනවා නියමෙට අම්මපා හරියට අයර් ලන්තේ ගෙවල් ගත්ත වගේ
      බලේ දෙන්නේ නැතිව අපි ප්‍රොබ්ලම් විසදන විදිය කියන්නේ නෑ
      වැඩිය කගහුවොත් පුටියව ගෙදර යවනව

  2. KAPUTAS says:

    ආන්ඩුව පෙරලෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොකාද ඇමති කම් ගන්නෙ.. තැරි මෝඩ බයියෙක් ගත්තොත් මිසක්

    • Amila says:

      ආන්ඩු පෙරලුනාට තව අවුරුදු 3 ක් ගෝට ජනාධිපති .ඉතින් ගෝටට කැමති කෙනෙක් පත්කරන්ඩ පුලුවන් ඒ අවුරුදු 3 ඇතුලත .

  3. ශාන් says:

    දම්මික පෙරේරා නියමයි රටට වැඩක් කරයි. කොහෙද රටටක කුණුත් ගෙන්වා කන්ටේනර් ගනන්. ඒවගේ ජරාවක් මෙවුන් රටට සේවයක් කරයිද 🤔

    • kk says:

      මෙයා කුණු ගෙනාව ඇත්ත. නමුත් මෙයාගෙන් රටට ලැබුණු වැසි නොබලන්නේ ඇයි? ඔබ රජයෙන් ලබන හැම සහනාධාරයකම (අධ්‍යාපනය, බෙහෙත් ආදී) මොහුගේ tax මුදල් ඔබට ලැබී ඇත. රැකියා විශාල ලෙස ඇති කර ඇත. අනික කුණු ගෙනාව නිසා ආයෝජන ගේන්න බැහැ කියන්නත් බැහැනේ. අනික, කුණු නොගෙනාපු දේශපාලකයො රටට මොනවද අවු 40 කලේ? මේ තත්වයට වග කියන්න ඕනේ ඒ දේශපාලුවෝ මිස දම්මික පෙරේරා නොවේ. හැබැයි මෙයා ආවා කියලත් ආයෝජන අනිවාර්යයෙන්ම එයි කියලා හිතන්න අමාරුයි, රටේ දැන් තියෙන නරක තත්වයත් එක්ක. හැබැයි ට්‍රයි කරන එකේ නරකක් නැහැ. හැමදේම නෙගටිව් පැත්ත විතරක් බලන්න එපා.

  4. මැදමුලනෙ මුත්තා says:

    රනිලට දුන්න වගේ මූටත් දීලම බලන එක හොඳයි. රනිලට ජාත්‍යන්තර සහාය ලැබෙනව කිව්වට දැන් බල්ලෙක්වත් නෑ. උගේ හුලංගියා. මූ නොම්මර එකේ සූදු ව්‍යාපාරිකයෙක්. මූ හම්බකළේ එවැනි අධාර්මික ව්‍යාපාරවලින්. ඇමකිකම අරගෙන ටික දිනක් යනකොට මුගෙත් හුලං බහිනවා.මූ ට්‍රයි කරන්නෙ කළු සල්ලි සුදුකරගන්න. ගෝඨට දැන් යනඑන මං නැති නිසා, ඕනැ හොරෙකුට, අපරාධකාරයෙකුට, කුපාඩියෙකුට ඇමතිකම් දෙනවා.

  5. Balana Rala says:

    This government will continue until the president gets the authority to dissolve it as it’s mentioned in the constitution….no doubt about it.
    What others should do is to have patience and support the present government as much as they could. It’s the best way.
    Look at what is happening in the country! There is no unity even at the grass root levels….if this continues people will start to kill each other for a packet of rice….or a loaf of bread…
    Therefore, this is the time that everyone should get together and help the country…. no one else. It’s our country. Let the politicians fight for positions…..they no longer Care for the country. It’s is us who needs to protect this country.
    I am not in favor of Gotabaya Rajapaksha or Ranil Wickrsmasinghe but no other option.

  6. Neo says:

    ගෙවල් ගිනි තියන්න ගියොත් නඩු වලින් බේරගන්නවා. පාර්ලිමේන්තු එන්න ගියොත් නඩු දානවා. ඔන්න රට.

    • kk says:

      නාගහනන්ද කියන්නේ හොඳ මනුස්සයෙක්. ඒත් එයාට ප්‍රයෝගික දැනුම නැහැ, නිතිය ගැන විතරයි තේරෙන්නේ. රටට ජනතාවට වැඩිය නීතිය ගැන විතරයි හිතන්නේ. ඒ කියන්නේ පොතේ ගුරෙක්.

  7. Asela says:

    ලෝකේ කිසිම රටක් මේ විදියට විහ්යවස්තාව වෙනස් කරලා නැහැ. ව්හ්යවස්තාවට ගිය කලක් ?

Main News