ධම්මික බණ්ඩාරගේ කොරෝනා බෙහෙත පරීක්‍ෂා කරන්න පත් කර ඇත්තේ බටහිර මහාචාර්ය කමිටුවක්.. එකම දේශීය වෙදෙක් නෑ… අල කරන්න සූදානමක්…

December 8, 2020 at 10:28 pm | lanka C news
ධම්මික බණ්ඩාරගේ කොරෝනා බෙහෙත පරීක්‍ෂා කරන්න පත් කර ඇත්තේ බටහිර මහාචාර්ය කමිටුවක්.. එකම දේශීය වෙදෙක් නෑ… අල කරන්න සූදානමක්…

ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්‍ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්‍ෂා කරනවා ද?

මහාචාර්යවරුන් ඊනියා පර්යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරන් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්‍රක්‍ෂෙපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. පස්වැන්න ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ.

මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා.

අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්‍රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන.

ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටළුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා ගැලපෙන අදහස යොදා ගන්න පුළුවන්.

දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා.

මේ මහාචාර්ය පරීක්‍ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්‍ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ් 19ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්.

පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙළ සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා.

ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදසු පුද්ගලයන් අතට විසඳූම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්‍ෂා කරනවා. ඒව බටහිර පරීක්‍ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතක නේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්‍රතික්‍ෂෙප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා.

බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළඳාම හා ඖෂධ වෙළඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්‍ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ.

ආචාර්ය නලින්ද සිල්වා
– kalaya

68,480 views

47 Comments to “ධම්මික බණ්ඩාරගේ කොරෝනා බෙහෙත පරීක්‍ෂා කරන්න පත් කර ඇත්තේ බටහිර මහාචාර්ය කමිටුවක්.. එකම දේශීය වෙදෙක් නෑ… අල කරන්න සූදානමක්…”

  1. waruna says:

    Dr,, NALINDA SILWATA EREHIWA LIYNA EKEKWATH RATAWATH… JAATHIKATHWAYA WATH
    HANDUNANA UN NOWEI. ADUMA THARAMIN THAMA JAATHAKA KALE KAWDA KIYANTAWATH
    NODANNA AWJAATHAKAYO.
    SJB. JVP, ME B NARMAYO RATA HADANTA IDA DEIDA…?

  2. Upali says:

    ඒකට කමක් නෑ. තනිකරම බටහිර වෙදුන් විසින් පරීක්සා කලත් නිවරිදි ප්රායෝගික සහ රසායනාගැර පරීක්ෂන වලින් ඹප්පු වෙනවා නම් ඹවුන් උනත් එය පාවිච්චි කරයිනේ. කොපමන බටහිර වෙදුන්ටත් ඹය ලෙඩේ හැදුනද. අනිත් එක මේ ධම්මික වෙදදුරැගේ සමත් විබාග ගැන විමහුවේ එය පරීක්ශා කර නිර්දේස කරන්න බැරි ආයුර්වේද වෙදුන්මයි.

    • ගමේ මිනිහා says:

      වෙදෙකුට අවශ්‍ය අධ්‍යපනික සහතික වලට වඩා ලෙඩා ගැන තියෙන කරුණාව.
      .
      *බෙහෙත් වට්ටෝරුව ප්‍රසිද්ධ කිරීමෙන් එතුමා ඒක කලා. හැබැයි බෙහෙත් සංයෝග ක්‍රමය එතුමාගේ අත්ගුණය සමග තියෙන දෙයක්. ඔය බටහිර වෙදුන් අතැරලා මැරෙන්න දාපු ලෙඩ්ඩු අපේ සිංහල වෙදමහත්තුරු වෙදනෝනලා ඕන තරම් සනීපකරලා තියෙනවා නෙට්ටාවටම​. ඒ අය හම්බකරන්නේ සල්ලි හෝ ගරුනම්ඹු නෙමෙයි නිරෝගී පරපුරක් දැකීමේ සතුට විතරයි… ඒත් එහෙම රුපියල් සීයට දෙසීයට අමාරුලෙඩ හොඳකරගත්ත අය පස්සේ මේ දෙවියන් සමාන මිනිස්සුන්ව හම්බවෙන්නවත් යන්නේ නෑ වචනයක් කතාකරලා ඒ සතුට බෙදාගන්න… එහෙව් රටක් මේක​…
      .
      *ඒ වගේම අපේ රටේ දේශීය ශාක… පයට පෑගුණාට මේ හැම ගහක්ම බෙහෙත් ෆැක්ටරියක් තමා.

  3. ලොලිපොප් මොංගල් says:

    පාෙඩි කාලේ සෙල්ලන් කරනකොට වැටිල අතපය සීරැනාම කුරැමිබා අැටිටියක් උරචිචි කරල ගෑවා. දවස් දෙකෙන් තුවාලේ හොදයි. ඉතින් ඔිකත් අපිට කියල දෙන්න බටහිර වෙෙද්‍යවරැ කොචිචර මහන්සි වුනාද?

  4. ඉරාන් says:

    මෙහෙම පොර ටෝක් දෙන එකා තමංගෙ හදවත් ලෙඩේට බයිපාස් ඔපරේෂන් එකක් කරගෙන ඉන්න ෆොටෝ එක මැවිල පේනව..

  5. ක්‍රිමිනල් says:

    බටහිර වෛද්‍ය විද්‍යාව සහ චින්තනය පට්ට පල් බොරුවක් කියන නලින්ද සිල්වා උන්නැහේ ,” ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.” ,මේ වගේ ලිස්ටුවක් ලියන්න පුලුවන් ,එදා ඒ එන්නත නොතිබුනානං නලීන් ද සිල්වාලට සුද්දෝ හදපු ගුවන් යානයෙන් එරොප්පෙ ගිහින් තානාපති කම් අරගන්නේ කොහොමද ? බටහිර චින්තනයට හෙන ඉල්ලලා , තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය .

    • Kriminalge ammata... says:

      සියලුම දැනුම් (දේශීය විදේශීය තබා තමුන් විසින් ප්‍රකශ කරන ප්‍රවාදාත්මක දැනුමද ඇතුලුව) අවසාන ව්ග්‍රහයෙදි බොරුය, ඒ දනුම් අතරිනුත් බටහිර විද්‍යව පට්ටපල් බොරුය කියල මෙ මනුස්සය කියන්නෙ සාමාන්‍ය අර්තයෙන් නෙවෙය් විශේශ අර්තයකින් කියල උඹල වගේ බටහිර ගැති වසල ජෙප්පොන්ට කොහෙ තේරෙන්නද?

      ලොකය එකම රග මඩලක්‍ අපි ඒකෙ රගපන නලුවො කියල ශෙක්ස්පියර් කියන කාලෙ ජෙප්පො එන්ගලනතෙ හිටිය නම් මිනිහව මරගෙන කයි අපි කොහොමද යකෝ නලුවො වෙන්නෙ අපි මොන නාට්‍යයෙද රග පෑවෙ කියල. මොකද මිනිහ ලොකය රග මඩලක්‍ මිනිස්සු නලුවො කියල මෙතන කියන්නෙ සාමාන්‍ය එදිනෙදා අරතයෙන් නෙවෙය් කියල පුන්චි අම්මට කෙලින පුන්චි අම්මගෙඉ අඹුවගෙඉ වෙනස නොතේරෙන උන්ට තෙරෙන එකක් යැ. බටහිර දනුම යම් විශේශ අරතයකින් පට්ට පල් බොරු වුනත් ඒකෙන් වඩ ගන්න බැහැ කියලවත් බටහිර දැනුම ගන්න එපා කියලවත් මෙ මනුස්සය කියන්නෙ නැහැ. මුලින් මෙ මනුස්සය කියන්නෙ මොකක්ද කියල හොයල බලපන්. අඩුම ගානෙ “මගේම ලොකය, අපෝහකයෙ රූපිකය, මක්ස්වාදයෙ දරිද්‍රතාවය” වගේ පොත් කියවල පුලුවන්නම් තර්කානුකූලව ඒ කියන දෙර්වල විවෙචනය කරපන් නිකන් යමක් හරියට නොදැන වල් පල් නොකිය.

      • ක්‍රිමිනල් says:

        නලින් ද සිල්වට පුළුවන් නවීන විද්‍යාව බොරුවක් නං එසේ ඔප්පු කිරීමේ හැකියාව තිබිය යුතුය , බොරුවක් අනුසාරයෙන් නිපැයු දෑ , භාවිතය ද , මෙවලමක් ලෙස යොදා ගැනීමද , බටහිර ශේක්ශ්පියරානූ නාට්‍යයක කොටසක් ඇද බා එය ,සාධාරණීකරනය කිරීමතරං විහිළුවක් තවත් නැති තරම්.එකත් හරියට නලින්ද සිල්වාගේ ඔප්පු නොකොට යමක් පැවසීමෙන් සහ තමන්ගේ සිතේ පැනනැගී හිතළුවක් මත පදනම් වී ,බටහිර හර පද්ධතීන් පරිභවයට හා හාස්‍යට ලක්කීරීමක් වැනිය. ජය !

      • ක්‍රිමිනල් says:

        නියමයි. ඒත් ඔය ක්රිමිනලයට ලියල
        කිසිම වැඩක් වෙන්නෑ ඔකගේ එලෙක්ට්‍රෝන
        දෙකම නරක්වෙලා. නියුට්‍රෝන ප්‍රෝටෝන
        දෙක මාරුවෙලා තියෙන්නෙ

    • CAT says:

      ක්‍රිමිනල් ..හැම දේටම බටහිර උසස් කරලා කථා කරමින් තමන්ගේ රට ජාතියට අවමන් කිරීම නතර කරපන්
      උබ ඉපදුන රට ජාතියට, හෙළ වෙදකමට ගෞරව කරන්න ඉගන ගනින්

      • ක්‍රිමිනල් says:

        යකෝ මම රට, ජතිය ආගමට වෛර කරන, සින්හලයෙක් වීම ගැන මහත්වූ හීනමානයකින් පෙලෙන්, ජඩ ජෙපි වසල ගතිය දැඩි ලෙස උපදාන් කරගත්තු පුන්චි අම්මට කෙලින ජෙප්පෙක්. එහෙව් එකේ මම කොහොමද යකො රටට ජතියට ආගමට අවමන් නොකර ඉන්නෙ.උඹ් මෙ විකර කතා කරනව.

    • Gamarala says:

      ක්රිමිනල්, උබේ ජාතකේ හොයල බලපන් ආපස්සට ගිහින්, උබලගේ පරන්පරාවේ ජාන වලට අනිවා සුද්දෙක්ගේ සුක්රානු එකතු වෙලා.

      • Samarapaala says:

        US bayyek Hondaaai kiya Genalla Janapathi Karagathathamaa …US walata Kamburanne natuwa wena moawa karannada ?
        Mr White ge Choo muttiyak genath oluwa oban haitahan tikawelawak etakota hariyay

  6. Nimal says:

    මේ කැනහිල්ලො ටික එකතුවෙලා ඕක වෙන රටකට යනකන් අපේ උන් කෙල ගන්නවා බොරුද බලපල්ලකො, එහෙවු උදාර කුහක පජාත ජාතියක්නෙ අපි , ජය වේවා ලංකා 😀😀😀😀

  7. ගමේ වෙදා says:

    නලින්ට පිලිකාවක් හැදුනොත්, නයෙක් දෂ්ඨ කලොත් , වකුගඩු දෙකම නරක් වූවොත්,හෘදයාබාධයක් හැදුනොත් , අක්මාව නරක් වූවොත් බරහිර වෙදකම කරනවාද නැද්ද ? නලින්ගේ නට් බුරුල් වෙලා කියල හිතෙන්නෙ

  8. ක්‍රිමිනල් says:

    නලින් දන්න මගුල.එයා කියනවා අර මහාචාර්යවරුන් මුකුත් හොයා ගෙන නැහැලු.නලින් හොයාගත්තේ දේශපාලනයට කඩේ ගිහින් තනතුරු ගන්න විතරයි.වැදි බණ

  9. මංගල says:

    මෙතන වැඩිදෙනෙක් නලින් ද සිල්වා ගැන තරහෙන් සහ තමන්ගේ යයි සිතා සිටින දැනුම් පද්ධතියට එතුමාගෙන් වදින පහර නිසා ඇතිවූ ද්වේශයෙන් තමයි කොටලා තියෙන්නේ. මෙතන නගා තිබෙන චෝදනා සියල්ලටම එතුමා පිලිතුරු දීලා තිබෙනවා. අඩුම ගානෙ කැළණියේදී කල පරීක්ෂණ අනුව රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් කියලා හොයාගත්තු එකම ඇති විදේශීය සමාගම් වලට බිය නොවී. ඒ සමගම එම සොයාගැනීමට නාථ දේවමණ්ඩලයෙන් උදව් ලැබුනා කියා නිර්භයව ප්‍රකාශ කිරිම සහ එම සොයාගැනීමට අදාළ ගෙෳරවය අදාළ අයට ලබාදීමත් අගය කලයුතුයි. මෙතන කොටන කී දෙනෙක් ඉන්දියාවේ රාමනුජන් ගැන දන්නවාද? අන්තර්ජාලයෙන් සොයලා බලන්න.

  10. NAK says:

    දැන් හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොන්නෙ පරික්ෂන වලින් අනුමත වෙලා ද?

Main News