ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

December 4, 2020 at 10:40 am | lanka C news
ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවය.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම කීවේය.

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළේය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරයි.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර
– Aruna

97,049 views

131 Comments to “ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය”

  1. ta says:

    ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය චාමර පල්ලේගෙදර, උබලා වගේ කාලකන්නි ඉන්නකන් ආයුර්වෙදය කවදාවත් මේරටේ ඉස්සරහට ගන්න බැ ….උබලා මොනවද COVID වලට හොයා ගත්තේ..ඉරිසියාව උබේ පශ්චාත් උපාධිය අරගෙන ගහගන් උබේ පස්ස පැත්තේ…

  2. ratawasiya says:

    බුදුදහම අධිගම ලාභීන් සදහාම සුදුසු අවබෝද කරගතහැකි ධර්මයක්.

    එසේ මෙන්ම අදිකාලයේ බෙහෙත් අධිගමලාභීන් සවබෝදකරගත් ප්‍රත්‍යක්ෂකරගත්, ස්වාබහදහම හා බැදුණු වට්ටෝරෝවන්ය.

    සුද්ද නැව් පුරවන් ලංකාවෙන් පන්නාගෙන පන්නාහෙන ගියේ මෙවන් ලංකාවේ ආදිවාසීන්ගේ දැනුමයි.
    අනෙක මේවා අරන්ගියට වැඩක් ගන්න සුද්දට තේරෙන්නේ නැහැවගේ.

    ඉතින් වැඩක් ගන්න හදන එක්කෙනෙකුට උදව්කලොත් ලංකාවම ගොඩ.

  3. RITIGALA says:

    thopi hoya gaththe a manussaya ta sahathika nathi eka witharai….wena mona labbakwath na…
    kuhaka kama nawathwala a manussayagen igena ganin weda pappe…

  4. Sinha says:

    දේශීය වෙදකම කවදාවත් උඩට එන්නෙ නැත්තෙ මේ වගෙ කුහකයන් ඉන්න නිසයි.

Main News