ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්දැයි පරීක්‍ෂා කරන්නැයි කියයි..

December 19, 2020 at 12:05 am | lanka C news
ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්දැයි පරීක්‍ෂා කරන්නැයි කියයි..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී අටමස්ථානාධිපති හිමියන් සමග ධම්මික බණ්ඩාර මහතා ඇතිවූ වාදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ආකාරයට හැසිරෙන්නේ විෂාධිය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග වැළඳීමේ තත්ත්වයක් නිසා එමෙන්ම දැඩි ආතතිය හා මානසික ගැටලු ද මෙයට බලපාන බවත් වෛද්‍යවරයා ගේ අදහසයි.

කෙසේ වෙතත් ස්ථිරවම එය පැවසිය හැක්කේ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසුව යයිද ඔහු පෙන්වා දෙයි.

මානසික රෝගයක් නොමැති වුව ද වාණිජ අරමුණු වෙනුවෙන් දේව වරම් ලබා ඇති බව පවසන පුද්ගලයන් සිටින බවද වෛද්‍යවරයා පවසයි.

40,685 views

82 Comments to “ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්දැයි පරීක්‍ෂා කරන්නැයි කියයි..”

  1. ගොන් බයියා says:

    අපි මානසික රෝගියො නෙවේ. අපි ගොන් බයියෝ

    • ranga says:

      ඈ බං ගොන් බයියෝ කිය කිය මානසික රෝගීන්ට අපහාස කරන්න එපා.

  2. Dr. Kimbulawala says:

    Some of the psychiatrists are also mental patients!

  3. B. Anthony says:

    රූබන් මහත්තයෝ අපට මේ වෙලාවෙ වැදගත් වෙලා තියෙන්නෙ ධම්මකගේ මාණසික තත්වය නෙවෙයි. බෙහෙත සාර්ථකද? කියන එකයි.ලෝකෙ කොහෙවත් සාර්ථක බෙහෙතක් නැහැ කියන වෙලෙ මේ මනුස්සයාගෙ බෙහෙත සාර්ථක උනොත් ඔහෙලගේ බටහිර වෙද ආධිපත්‍යය බිද වැටෙයි කියල පොඩි කිචියක් තියෙනවා නේද? ඔය දොස්තරලා හුග දෙනෙකුට තියෙන උඩතුකමක් මාණසික රෝගයක් තමයි.

    • gamaya says:

      පිස්සෙකුට බෙහෙත් හොයා ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න උඹ වගේ පිස්සො තමයි කපුවටත් ඉස්සෙලා පිස්සන් කොටුවට ගාල් කරන්න ඕන.

    • B. Anthony says:

      හැබැයි ඉතින් දිලිත්ගේ සල්ලි වලට මම මෙහෙම කිව්වට මමත් දන්නවා මේ කපුවා අමු පිස්සෙක් කියන එක..

  4. Baba says:

    මේ වෙද මහත්තයා මාඩියට ආවේ රජයේ ඇමතිතුමාන්ලා සමග එතකොට මේ බෙහෙත් බොරුවක් නම්, මේ පස්සෙන් ගිය හාමුදුරුවෝ ඇමති වරු අනිත් සියලු දෙනාම මානසික රෝගීන්ද

Main News