ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

December 5, 2020 at 11:20 am | lanka C news
ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි.

සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ පමණීන් පිළිගත යුතු ද නැත. මේ ධාරා දෙකෙහිම ඕනෑ තරම් හොර වෙදුන් සිටින බව ප්‍රත්‍යක්ෂ වූ දෙයකි. මේ අතර බටහිර වෛද්‍යවරුන් බොහොමයක් රෝගීන්ට බෙහෙත් නියම කරන්නේ ඖෂධ සමාගම් විසින් ටයි දමාගත් Marketing Repලා අත එවන “දැනුමින්” මිස වෛද්‍ය පීඨවල ඉගෙනගත් දෙයින් නොවේ.

ඒ අනුව, පරීක්ෂා කළ යුත්තේ ඖෂධය මිස අන් කිසිවෙකු නොවේ. ආණ්ඩුව කරන්නේ ඒ දෙයයි. එය කළ යුතුම දෙයකි. හෙට බටහිර වෙදෙකු ඖෂධයක් රැගෙන පැමිණියහොත් එය ද පරීක්ෂා කරනු ඇත. ඇරත් Something is better than nothing කිව්වා වගේ අහඹුවකින් හෝ යම්කිසි බෙහෙතක් හරි ගිය හොත් එය අද්විතීය ජයග්‍රහණයක් වේ.

ලෝකයේ විවිධ වෘත්තිකයින්ට කලින් බිහි වූයේ වෘත්තීයයි. වෛද්‍ය වෘත්තිකයින් පවා බිහි වන්නේ වෙනත් විවිධ වෘත්තීන් හි නිරත වන පුද්ගලයින් විසින් යම් යම් රෝග සඳහා ඖෂධ සොයා ගැනීමෙන් පසුය. ඉනික්බිතිව අපි ඔවුන්ට “වෛද්‍යවරයා” යන නම තැබූවෙමු.

ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා ඇතැමුන් කියන ලෙස මේසන් බාස් කෙනෙකු වුව, ඔහුගේ මේ ඖෂධය හරි ගියහොත් ඔහු වෛද්‍යවරයෙකු බවට බවට පත් වේ.

මේ අතර, විවාදාපන්න කොරොනා බෙහෙතට තිබෙන විරෝධය එකී බෙහෙතට තිබෙන විරෝධයකට වඩා දේශපාලන විරෝධයක් බව පෙනේ. ඇතැමුන් ලංකාවට “කෙළවෙන” තුරු බලා සිටීමේ මානසිකත්වය මේ තුළ ද ගැබ්ව ඇත. බුරවි කුණාටුව හිතූ තරම් විනාශයක් නොකරම ගිය එක ගැන ද මේ පිරිස පසුතැවිලි වෙති.

– මහින්ද පතිරණ

83,738 views

43 Comments to “ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..”

  1. truth says:

    machan where were your children born? is it ayurvedic hospital or very bad western hospital? why go to bad western doctor. go to ayurvedic for operation and child birth and all.

    • kamal says:

      මේ අතර, විවාදාපන්න කොරොනා බෙහෙතට තිබෙන විරෝධය එකී බෙහෙතට තිබෙන විරෝධයකට වඩා දේශපාලන විරෝධයක් බව පෙනේ. ඇතැමුන් ලංකාවට “කෙළවෙන” තුරු බලා සිටීමේ මානසිකත්වය මේ තුළ ද ගැබ්ව ඇත. බුරවි කුණාටුව හිතූ තරම් විනාශයක් නොකරම ගිය එක ගැන ද මේ පිරිස පසුතැවිලි වෙති.

      – මහින්ද පතිරණ

  2. malith says:

    ඉතින් ඔය කේ ගහන බටහිර ගැත්තන්ට පුළුවන්නේ විශ්ව විද්‍යාලයක හරි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හරි පරීක්ෂණ කරලා බෙහෙත් හොයාගන්ඩ.මොකෙක් හරි එකෙක් ගෙනත් දෙන බෙහෙතක් කොමිස් වලට මිනුස්සුන්ට ගිල්ල වන අනුන්ගේ දත්ත හොරකන් කරගෙන පර්යේෂණ කරන මුන්ට පුළුවන් ලබ්බක් නෑ,

  3. GAMINI SENANAYAKE says:

    These are myth stories.
    Prefer the web site if Dr NALIN SILVA ”www.kalaya.org”
    Friday, 4 December 2020
    කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

    (Person who researched very long time about indigenous thinking)

  4. Ravana parapura says:

    සුද්දගේ කාලේ සුද්දාටත් හෙළ වෙදකම් කර සනීප කෙරුවේ සහතික පෙන්නලාද මේ කළුසුද්දන් ගැන අපිට ලැජ්ජයි

  5. disce ammt diskedi says:

    ලංකාව වගේ තක්කඩින් ට අහු වෙන රටක් උන්ට ප්‍රශස්ති ගී ගායනා කරන රටක් තුන් ලෝකෙ වත් නැතුව ඇති.

    • Jepi buster says:

      ලංකාවේ තරම් පූර්ව නිගමන වලට එළබෙන කට්ටියක් ලොවෙත් නැතුව ඇති.
      පරීක්ෂණ, නිරීක්ෂණ කරලා නිගමනයට එනවා වෙනුවට ඒ මනුස්සයා මේසන් බාස් කෙනෙක් නිසා තක්කඩියෙක් කියලා නිගමනයකට ඇවිල්ලා. ඔහොම මිනිස්සු ඉන්න රටක පොලිස් කාරයා පවා ප්‍රාඩෝ එකට සැලියුට් එක ගහලා ත්‍රීවිල් එකට බූට් එක පෙන්වන එක අහන්න දෙයක් නොවේ.

    • ranjan says:

      thamuse ayath wenneth thakkadi ganayata ne

  6. Love nature says:

    බටහිර පරීක්ෂණ සැමවිටම වෙනස්වෙනවා උදාහරණයක් අයින්ස්ටයින් ගෙනාපු පරීක්ෂණයක් හුගකාලයක් ඇත්ත කියා මුළු ලෝකයම පිළිගත්තා පසුව මෑතකදී සුවිස් පරීක්ෂණයකදී එය බොරුවක් බව පිළිගත්තා බටහිර වෙදකමත් මේ සමානයි නමුත් හෙළ වෙදකම වසර 7000 ක සිට මේවනතෙක් කිසිම වෙනසක් නොවී පවතී.

    • Jepi buster says:

      බටහිර හොද නෑ, හෙළ ඔසු පමණයි හොද කියන එකේ තේරුමක් නෑ.
      පරීක්ෂණ, නිරීක්ෂණ මත පදනම්ව කොයි ක්‍රමය ගැනත් නිගමනයකට එන එකයි වඩා සුදුසු.

  7. බටහිර එන්නත් ඉපදුන දවසේම බී සී ජී(ක්ෂය රෝගය) ඉන් පසු ගලපටලය,කක්කල් කැස්ස, පිට ගැස්ම, පෝලියෝ, හෙපටයිඩ්, කම්මුල් ගාය, රුබෙල්ලා, සරම්ප, ජැපනිස් එන්සෙපලයිටිඩ්, ගැබ්ගෙල පිලිකා, පිස්සු බල්ලෝ කෑවොත් ජලභීතිකා,ect………

  8. අයියෝ සල්ලි says:

    අයියෝ සල්ලි! බෙහෙත ගැන සොයා බලනවා වෙනුවට හැදූ එකාගේ සහතික බලන හීනමානයෙන් පෙළෙන ගොන් රැලට හොඳ උත්තරයක්.

  9. neil says:

    Will wait and see what will be teh ultimate result. Even though we/I know it. can geusess it. lets give achance to prove once and for all) Then this will be a takl of th whole world. Please do not critisise till we know results!

    Main point is if this is a drama whole country bought, them the maturity, blind faith and all the uncivilised thinking/acts will be revealed. That means , quality/maturity of our people’s choice, rather those who drive peoples choice, will be revealed. Then we can tell sotp this nonsense for ever!

  10. Ruwan Fernando says:

    Patikiriya Mokak Unath, Mekaruma ledeta memanussayage behetha hariyanwanam, Api mokatada pitratata datha niyawanne? Comise nathinisada?

Main News