ධම්ම පදයේ දේශනාවලට කුරාණයේ දේශනා සමානයි… මුස්ලිම් සොයුරන් රැකගන්න..- මංගල

April 29, 2019 at 6:48 pm | lanka C news
ධම්ම පදයේ දේශනාවලට කුරාණයේ දේශනා සමානයි… මුස්ලිම් සොයුරන් රැකගන්න..- මංගල

ධම්ම පදයේ ඇති දේශනාවලට සමාන දේශනා ශුද්ධ වූ කුරානයේද ඇති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුක් අමතමින් ඇමතිවරයා පැහැදිලකි කරන ලද්දේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට මුහුණදෙන තත්වය ගැනයි.

එක මිනිසකු ඝාතනය සමස්ත මිනිස් වර්ගයාම ඝාතන කිරීමක් බවත් මිනිසකු ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් බවටද කුරානයේ ඇතැයිද ඔහු කියා සිටියේය.

ත්‍රස්තවාදී වැඩ කරන්නේ කිසිදු ආගමක් අනුව නොවන බවත් මුස්ලිම් ජනතාව 99%ක්ම මෙම කටයුතුවලට විරුද්ද බවත් ඇමතිවරයා සදහන් කලේය.

ත්‍රස්තවාදීන් ගොඩට සියළු මුස්ලිම් ජනතාව තල්ලු කර දැමීම නොකල යුතු බවත් කී ඔහු ශ‍්‍රී වසරක දහසක පමණ කාලයක් තිස්සේ ලාංකිකයන් වූ මුස්ලිම් සොයුරන් ආරක්ෂා කර ගන්නා ලෙසද ඉල්ලීය.

199 views
Main News