ධර්මතාන්ත්‍රික රටක් බිහිකල හැක්කේ වත්මන් ජනපතිට පමණයි.. ඔහුට බැරිවුනොත් වෙන නායකත්වයක් බිහි වන්නේ නෑ..- මහනාහිමි කියති..

December 21, 2019 at 4:40 pm | lanka C news
ධර්මතාන්ත්‍රික රටක් බිහිකල හැක්කේ වත්මන් ජනපතිට පමණයි.. ඔහුට බැරිවුනොත් වෙන නායකත්වයක් බිහි වන්නේ නෑ..- මහනාහිමි කියති..

වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරි මඟට ගෙන එමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ ජනපතිගේ වෑයමට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාව හිමි වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

(20) පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටු අතර එහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වයන්ගේ සහාය හිමිවිය යුතුය. එම ගමනට අවැසි සුදුසුම කණ්ඩායමක් තෝරාගන්නා ලෙස ද” උන්වහන්සේ සිහිපත්කළහ.

මහජනතාවගෙන් සැදුම්ලත් මහජන බුද්ධි අංශයක් ඉදිරියේ දි නිර්මාණය කර රටේ දුෂණ, වංචා, නාස්තිය සහ දුර්වලතා හඳුනාගනිමින් එම තොරතුරු ජනාධිපතිතුමාට භාරදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ අතුළු මහා සංඝරත්නය ද, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ විහාරස්ථ දායක සභාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව බම්බලපිටිය සිරි වජිරාරාමය වෙත ගිය ජනාධිපතිතුමා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ආචාර්ය පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

ධර්මතාන්ත්‍රික සමාජයක් ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කළ උන්වහන්සේ එවන් සමාජයක් රට තුළ ගොඩනඟිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණක් බව සඳහන් කළහ.

එතුමාගේ ධූර කාලය තුළ එය ඉටු නොවුණහොත් එම මහඟු කාර්ය සපුරාලීමට වෙනත් නායකත්වයක් බිහි නොවන බව උන්වහන්සේ කියා සිටියහ.

රටේ භාග්‍යයට ජනාධිපති ධූරයට පත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉකුත් මසක් වැනි කෙටි කලක් තුළ දිනාගත් මහජන ප්‍රසාදය උන්වහන්සේ පැසසුමට ලක් කළහ.

රටට අලුත් දෙයක් එක් කරමින් නීතිගරුක, යුක්තිගරුක සහ ධර්මය ඉස්මතු වන සමාජයක් ගොඩනැගීමේ ජනපතිගේ කැපවීම අගය කළ උන්වහන්සේ නායකත්වයේ එම අධ්‍යාසය මල්ඵල ගැන්වීමට සියලු මැති ඇමතිවරුන්ගේ සහාය ද නොඅඩුව හිමිවිය යුතු බව සඳහන් කළහ.

“ජනතාවගේ අධ්‍යාත්මය සංවර්ධනය නොකොට අපේක්ෂිත දියුණු සමාජය ගොඩනැගිය නොහැක” එවන් ධාර්මික සහ චරිතවත් සමාජය නිර්මාණය කිරීමෙහිලා අදාළ යෝජනාවලියක් ද පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

– මොහාන් කරුණාරත්න

27,653 Viewers

10 Comments to “ධර්මතාන්ත්‍රික රටක් බිහිකල හැක්කේ වත්මන් ජනපතිට පමණයි.. ඔහුට බැරිවුනොත් වෙන නායකත්වයක් බිහි වන්නේ නෑ..- මහනාහිමි කියති..”

  1. David Milli-banda says:

    Now or never…………………..

  2. Upul says:

    “රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වයන්ගේ සහාය හිමිවිය යුතුය. එම ගමනට අවැසි සුදුසුම කණ්ඩායමක් තෝරාගන්නා ලෙස ද” උන්වහන්සේ සිහිපත්කළහ.
    This is a very good advise by the priest. He may have said this after seeing the people who are behind him. (see the photograph)

  3. 🦁🦁🦁😊😊😊🦁🦁 says:

    රජකම කරයි ඉඳගෙන දැහැමිව සිහසුන මත
    ඔබතුම රජෙකි සිහළට පහලවු සැමදිනා හිත
    ධර්මතාන්ත්‍රිකව ගොඩනගල සැම සමඟි හිත
    සිරිලක ප්‍රසාදය නංවමු එකමුතුව තරුණ ගත

  4. Saadu Pinbathaa says:

    අනේ අනේ දැන් රට පලනය කරන්නේ ගනයෝ නේද?

    • priyanka says:

      ow kiuwa hari. gana kiyanne godak kiyalai. e kiyanne godak ekathu wela rata palanaya kerenawa. ekek newei.

    • 😡😡😈😈🥰🥰 says:

      වැදෑමහ දාලා හදපු කොත්තු මූ කාලා
      මුට ජාතියත් ජන්මයත් කොත්තු වීලා
      පෑඩ් කටේ ගහලා ගෑණි කනටම දීලා
      දෝංකාරය මුගේ මොලේ කැල තීලා

  5. ශබ්ද දූෂණය ධර්ම දූෂණයකි says:

    අධික ශබ්දයෙන් සිදුකෙරෙන ආගමික ශබ්ද දූෂණයට තිත තබමු.. තේරුමක් නැති ලාභ හොයන්න පටිගතකල ලාමක සිල්ලර කවිබණ රැල්ල ප්‍රතික්ෂේප කරමු ..! පීකරෙන් මහ හඬින් පිරිත් දැම්මාට අමුතු සෙතක් අත් නොවෙන බව බුද්ධියෙන් තේරුම් ගනීමු . පල්ලි වලින් කරන තොරතෝංචියක් නැති ඝෝෂාවට තිත තබමු… බිහිරි පුද්ගලයන් වැඩි සමාජයක් බිහිවීම වලකමු… සියළු සත්ත්වයන් නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !! සුවයට පත්වෙත්වා !!!

    • Addata Suriya says:

      නැහැ පිරිත් නවත්තන්න ඕන නැහැ. උඹට අහගෙන ඉන්න බැරි නම් වෙන රටකට පලයන්. දැන් ජහපාලනේ වගේ ‘සමනල් සොන්නයන්ගේ සොන්න ෂංඉදියාව’ දාන්න බැහැ උඹලට.

  6. Wewagadara Appuhamay says:

    No man is indispensable in this world .Do not depend on one person?
    Buddhism has thought us , that Theory of causalities by teaching of Buddha !
    Learn some thing that reality of World that by Law of Nature.
    We have to have in depth study of Buddhism.

  7. Parakum says:

    To remind these Yellow Robed CHEEWARADHAREES that Buddhism has survived for over 2500years without the intervention of politicians. These Cheewaradharees are misleading the faithful?

Main News