ධර්මායුද එසවෙයි.. අස්ගිරි අනුනායක හිමිගේ ‘හිට්ල්ර් පාලනය’ දේශනයටත් වඩා බරපතල දේශනයක් මල්වතු අනුනාහිමි කරයි..

June 25, 2018 at 10:38 pm | lanka C news
ධර්මායුද එසවෙයි.. අස්ගිරි අනුනායක හිමිගේ ‘හිට්ල්ර් පාලනය’ දේශනයටත් වඩා බරපතල දේශනයක් මල්වතු අනුනාහිමි කරයි..

අද වන විට ගිහි පැවිදි කිසිවෙකුට පාරේ පැහැලා යාමට බැරි තත්වයක් උදාවී ඇති බවත් මල්වතුපාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියෝ පවසති.

‘කපනවා, කොටනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා, පොලුවලින් ගහනවා මෙහෙම බලනකොට දෙයියනේ මේ රටේ දුෂණ, මුදල් හොරා ගැනීම ඉහල ඉදල පහලටම තියෙනවා.

මොන සක්වලකින් ඇවිල්ලද මේ රට නැවත යතා තත්වයට පත්වන්නේ කාගෙන්ද කියලද අපට මහා ප‍්‍රශ්නයක්.

මේ රට කොහොම හරි හදන්න ඔ්නෑ බව තමයි භික්‍ෂුන් වහන්සේලා වශයෙන් අපි ප‍්‍රකාශ කරන්නේ’

උන් වහන්සේ මේ බව කියා සිටියේ මහනුවර මහ රෝහලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

උන් වහන්සේගේ දේශනාව අනුව නම් අවීචි මහා නරකාදියේ සිට බ‍්‍රහ්ම ලෝකය දක්වූ වූ තලයන්ගේ සිටින ඕනෑම ජීවියෙකු පැමින ශ‍්‍රී ලංකාව වැටී ඇති තත්වයෙන් බේරා ගත යුතුය.

අස්ගිරි අනුනායක හිමියන් විසින් සිදු කරන ලද දේශනයක් සම්බන්දයෙන් ආන්දෝලනයක් ඇතිව සතියක් ගතවන්නට පෙර මල්වතු අනුනාහිමියන් විසින්ද කරන ලද මෙම ප‍්‍රකාශය ඒ සමානම අර්ථයෙන් තේරුම් දෙයි.

229 views

41 Comments to “ධර්මායුද එසවෙයි.. අස්ගිරි අනුනායක හිමිගේ ‘හිට්ල්ර් පාලනය’ දේශනයටත් වඩා බරපතල දේශනයක් මල්වතු අනුනාහිමි කරයි..”

  1. hitan gedara appuhami says:

    නුවර වැව රවුමේ කාර් රේස්, මෝටර් සයිකල් රේස් තිබුනේ මහින්දගේ කාලේ විතරක් නෙවෙයි. නමසිය හැත්තෑ ගණන් වල, අසූ ගණන් වලත් ඔය රේස් නුවර වැව රවුමේ තිබුනා. මාලිගාවේ පෙරහැර වගේම, නුවර කාර් රේස් බලන්න ඒ දවස් වල සෙනග එනවා. මමත් බලන්න ගියා. බාලසූරියගේ ක්ලබ් එකට ඒ දවස් වලට හොදට බිස්නස්. මම හිතන්නේ යුද්දේ කාලේ කාර් රේස් නැවතිලා තිබුනා ආරක්ෂාව පිලිබඳ ගැටළු නිසා.
    මහින්දගේ කාලේ මේකට විරුද්ද වුනේ දේශපාල වාසි ගන්න මොනවා හරි කාරණයක් ඕන නිසා. ඒකට මාලිගාවත් ගාව ගෙන, පන්සල් දෙක ඉස්සර කරගෙන මහින්දගේ විරුද්ධ වාදියෝ යටින් ගේම දුන්න. මහින්දට තිබුන නායක හාමුදුරුවන් විරුද්ධ වුනු වෙලාවේ ඒක නවත්තල දාන්න. කොයි පැත්තෙන් බැලුවත් වැව රවුමේ කාර් රේස් තියන එක නවත්තල දාන්න තිබුනා. ලංකාවේ පරිසර දුෂණය අධිකම නගරය සහ අධික මාර්ග තදබදයත් නිසා. බලයේ ඉන්න කොට ඕව තේරුම ගන්නේ බොහොම අඩුවෙන්. කාර් රේස් වලට අවශ්‍යනම් තදබදය අඩු පලාතකින් තැනක් ජාත්‍යන්තර මට්ටමින් හදන්න තිබුන රටට හොඳ ආදායමකුත් එන විදිහට. බොරුවෙන් සහ වංචාවෙන් මිනිස්සු රවටල බලය ගත්තට මිනිස්සු හැමදාම රවට්ටන්න බැහැ. සත්‍ය එලියට එනවා. හරියට රබර් බෝලයක් වතුර යට තද කරගෙන ඉන්නවා වගේ. මොනවා වුනත් මහින්ද හිතන්න ඕන රාජකාරියට යාළුකම් බැහැ වගේ, රට පාලනයේදී යාළුකම්, නැදෑකම් බැහැ නාමල්ට තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඈතින් තියන්න බලාගෙන ඉදල අත්දැකීම් අරගෙන ඉගෙන ගන්න කියන්න.

Main News