ධර්ම රාජ්‍යයට යන්න අලූත් ටයර් ඕනෑ කියා හෙළ උරුම මන්ත‍්‍රී රාජ්‍ය නිලධාරියෙකුට අම්බානෙක ගුටි දෙයි..

October 21, 2016 at 10:00 am | lanka C news
ධර්ම රාජ්‍යයට යන්න අලූත් ටයර්  ඕනෑ කියා හෙළ උරුම මන්ත‍්‍රී රාජ්‍ය නිලධාරියෙකුට අම්බානෙක ගුටි දෙයි..

රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ඒජන්සිය SEMA ආයතනයේ නිලධාරියකුට එම කාර්යාලය තුලදීම පලාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඊයේ පස්වරුවේ අමානුශික ලෙස පහරදී තිබේ.

මෙසේ පහරදුන් පුද්ගලයා නැගෙනහිර පලාත් සභාවේ ජාතික හෙළ උරැමයේ මන්ත්‍රී ප‍්‍රියන්ත පතිරණයි. මොහු ඇමති චම්පික රණවකගේද දැඩි හිතවතෙකු වන අතර සේමා ආයතනයේ සභාපතිගේද මිතුරකි.

මෙම රාජ්‍ය ආයතනය සතු සුඛෝපභෝගි මෝටර් රථයක්ද පලාත් සභා මන්ත්‍රී ප‍්‍රියන්ත පතිරණගේ පුද්ගලික පරිහරණය සඳහා නිදහස් කොට ඇති අතර අදාළ පහර දීමට හේතු වී ඇත්තේ එම රථයට අවශ්‍ය ටයර් කලට වෙලාවට එම රාජ්‍ය ආයතනයේ නිලධාරියා විසින් ලබා නොදිමයි.

එහෙත් මේ දිනවල හිටපු ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් රාශියක් මේ වනවිටත් ත්‍ක්‍ෂෘ ය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කරනු ලැබුවේ ඔහුන් විසින් තමන්ට අයත් නොවන ආයතනවල වාහන පාවිච්චි සම්බන්ධයෙනි.

6 views

One Comment to “ධර්ම රාජ්‍යයට යන්න අලූත් ටයර් ඕනෑ කියා හෙළ උරුම මන්ත‍්‍රී රාජ්‍ය නිලධාරියෙකුට අම්බානෙක ගුටි දෙයි..”

  1. හොරා පොලිස් says:

    මෙයා තමයි ඇමති චම්පිකත් එක්ක එකතුවෙලා එක්නැලිගොඩ ඇසිඩ් බැරල් එකක දාලා උනු කරලා නිවන් යැව්වේ,

Main News