ධම්මික පැණිය බෝතලයක් රුපියල් දසදහසයි.. පැණිය ගන්න ජනතාව නිවස අවට වාඩි ලාගනී..
January 21, 2021 at 10:03 pm | lanka C news
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය එක් බෝතලයක් රුපියල් දසදහසක මුදලකට අලෙවි කරමින් සිටින බව හිරු රූපවාහිනිය වාර්තා කළේය.
ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා ගැනීමට විශාල ජනතාවක් දිනපතා ඔහුගේ නිවෙස ඉදිරියේ රැස් කකා සිටින බවත් ඇතැමුන් දින ගණනාවක් එම නිවස අවට කදවුරු බැදගෙන පදිංචිව සිටින බවත් එම වාර්තාවේ පැවසීය.
එසේ සිටින ජනතාව විසින් එම ගම් ප්රදේශය දැඩි ලෙස අපිරිසිදු කර ඇතැයි ගම්වාසීන් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද වාර්තාව කීය.
මිනිස්සු බොහෝ දුරට සිංහල හෝ ආයුර්වේද බෙහෙත් වලින් ඉවත් වීමට ප්රධානම හේතුව මේවායේ මිල අධික කම. උදාහරණයක් ගත්තොත් සෙම්ප්රතිශ්යාව හැදුණුවිට කොත්තමල්ලි ඇතුළු බෙහෙත් සියල්ලටම යන වියදමත් එක්ක බැලුවාම පරසිටමෝල් පෙති දෙකක් සමග පිරිටන් පෙත්තක් ලබා ගැනීමට රුපියල් 5ක් වත් වියදම් නොවේ. ඒ වගේම තමයි දේශිය පලතුරු මිලදී ගැනීමට වඩා විදේශීය පලතුරු ගන්නේ ගනන් අඩු නිසා. ඉතිං හැමෝම දේශිය දෙයින් ඉවත්ව විදේශීය දෙයට යොමු වන්නේ මෙම මිල ගනන් නිසා නේද?
Paniya Beepu Untath Hadunaa Kiwwahama …Beepu Widiha waradiylu …Bayyo Kiyanne Konde Bandapu Cheenuntath Eha ..Lesiyen Rawattanna Puluwan Saththu Jaathiyak .