ධාවනය වෙමින් තිබු බස් රථයක් නගර මධ්‍යයේ ගිලා බසි…

October 26, 2019 at 5:30 pm | lanka C news
ධාවනය වෙමින් තිබු බස් රථයක් නගර මධ්‍යයේ ගිලා බසි…

හැටන් ලංගම ඩිපෝවේ සිට හැටන් බස් නැවතුම්පොල දක්වා ධාවනය වු බස් රථයක් හැටන් නගර මධ්‍යයේදි ඊයේ (25) පස්වරුවේ ගිලා බැසිමට ලක් වි ඇත.

හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට ප්‍රධාන මර්ගය හරහා පොළව යටින් ඇද ඇති ටෙලිකොම් දුරකථන රැහන් පද්ධතියක් සම්බන්ධ කරන භුගත කාණුවක යකඩ තට්ටුව කැඩි යාම නිසා ධාවනය වෙමින් තිබු බස් රථයේ වම් පස ඉදිරිපස රෝදය එම ස්ථානයේ ගිලා බැස තිබුණි.

බස් රථය අනතුර පත් වන අවස්තාවේ බස් රථය තුල කිසිදු මගියෙකු නොසිටි අතර දිපාවලි උත්සව සමය නිසා හැටන් නගර මධ්‍යයේ විශාල පාරිභෝගිකයන්ගෙන් පිරි තිබු අතර බස් රථය ප්‍රධාන මාර්ගයේ ගිලා බැසිම නිසා පැති විදිය ඔස්සේ ප්‍රධාන නගරයට පිවිසිමට පැමිණි රථ වාහන ප්‍රධාන මර්ගයට ඇතුලත් කිරිමට නොහැකිව දැඩි රථ වාහන තදබදයක්ද ඇති විය.

හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් එක්ව ගිලා බැස තිබු බස් රථය තල්ලු කර ගොඩ ගත් අතර පසුව ගිලා බැස තිබු ස්ථානය හැටන් ටෙලිකොම් කාර්යයාලයේ නිලධාරින් විසින් පිලිසකර කරන ලදි.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,105 Viewers

One Comment to “ධාවනය වෙමින් තිබු බස් රථයක් නගර මධ්‍යයේ ගිලා බසි…”

  1. Love nature says:

    කොසොල් රජතුමා දුටු සිහින

    ස්වාමීනි! දසවන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් 3 කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.

    මහරජතුමනි! අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.

Main News