ධීවරයින්ට වාසියක් හදීසියේම මුහුදු වෙරලට මාළුන් ගොඩ ගසයි… කිලෝ 1800 ක් පමණ හසු වෙයි…
November 5, 2018 at 2:16 am | lanka C news
මුලතිව් මුහුදේ සිදු වූ කිසියම් වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ගයන්ට අයත් මාළුන් විශාල ප්රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ අල්ලා ගැනීමට හැකි වූ බවට ධීවරයින් පවසති.
මනර්කුඩිඉරිප්පු ප්රදේශයේ වැඩි වශයෙන් කරවල වෙළඳාම් සිදු කරන ධීවරයින් ජීවත් වන අතර එක වරම කුඩා තෝර , පරා ආදි මාළුන් මුහුදු වෙරල ආසන්නයට ගොඩ ගැසීමත් සමග ධීවර පවුල්හි ලොකු කුඩා සෑම අයෙකුම දැල් ආම්පන්න යොදා ගනිමින් මාළුන් ඇල්ලීම සිදු කොට ඇත.
කෙසේ වෙතත් පැය ගනනක් මාළුන් ඇල්ලීමෙන් පසුව කිලෝ 1800 ක් පමණ හසු වී ඇති අතර එමගින් තෝර මාළුන් කරවල කරගැනීමට හොඳ අවස්ථාවක් බවටද් ධීවරයින් සතුටු සිතින් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Thawa tika dawasakin kiyawida danne naha anith paththata minissu kilo ganakuth gahagena giya kiyala.Hama dekatama depaththak thiyena nisa kisima dekata onawata wada sathutu wenna narakai.
මේක යම් භයානක දෙයක පෙරනිමිත්තක් විය හැකියි.
සාපයක පෙර නිමිත්තක් ….පිරපාකරන් යක්ෂයා ගේ බැල්ම නිසා මාළුවෝ බයවෙලා හික් ..හික්…. හනුමට යාගයක් කරපල්ලා