ධීවරයින් 29 දෙනෙකු සහ බොට්ටු 08 ක් අත්අඩංගුවට

August 19, 2018 at 2:06 am | lanka C news
ධීවරයින් 29 දෙනෙකු සහ බොට්ටු 08 ක් අත්අඩංගුවට

මුලතිව් නයාරු මුහුදු තීරයේදී නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් 29 දෙනෙකු හා ධීවර යාත්‍රා 08 ක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් කියා සිටියහ.

මුලතිව් මුහුදේ සියලුම තහනම් දැල් අම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත් එසේ ධීවර කටයුතු වල නරත වන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසට ධීවර අමාත්‍ය වරයා විසින් අදාල බලධාරීන් වෙතට මුලතිව් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයේදී උපදෙස් ලබා දීමෙන් පසුව මෙසේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා නීති විරෝධී දැල් අම්පන්න යොදා මසුන් ඇල්ලීම් නවතන ලෙසට මුලතිව්හි සියලුම ධීවරයින් සිදු කරන ලද විරෝධතාවයක් උණුසුම් වී මුලතිව් සහකාර ධීවර පරික්සඛ කාර්යාලයේ දේපලවලට හානි කිරීම නිසා පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ද අත්අඩංගුවට පත්විණි.

මුලතිව් ධීවර පරික්සක කාර්යාල නිලධාරීන් හා මුලතිව් පොලීසියත් නාවික හමුදාවේත් සහය ඇතිව අදාල ධීවරයින් පිරිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් සහකාර ධීවර පරික්සඛ කාර්යාල නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

499 Viewers
Main News