ධීවර ගම්මානයකටම ගිනි තබයි..

August 14, 2018 at 8:40 am | lanka C news
ධීවර ගම්මානයකටම ගිනි තබයි..

මුලතිව් සෙම්මලෙයි ධීවර වාඩි ඊයේ (13) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇති බවත් ඉන් ධීවර වාඩි 08 ක් හා ධීවර බොට්ටු දෙකක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.

ඊයේ රාත්‍රියේ තම වාඩි වෙතට ඇතුල් වූ පරිසක් මෙසේ වාඩි වෙතට ගිනිතබා පලා ගොස් ඇති බවටත් මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවතන ලෙසට සිදු කරන ලද විරෝධතාව හේතුවෙන් තහනම් ධීවර කටයුතු වල නිරත වූවන් මෙවැන්නක් සිදු කරන්නට ඇති බවට සැකකරන්නේ යැයි ධීවර වාඩියේ ධීවරයින් මුලතිව් පොලීසියට පවසා ඇත.

ධීවර වාඩියේ ගින්න ඇතිවූ අවස්ථාවේදීම අනෙක් ධීවරයින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කොට ඇති අතරම ගින්න නිවා නොදැම්මෙනම් මුලු වාඩියම ගින්නෙන් විනාශ වී යාමට ඉඩ තිබූ බවට එම ධීවරයින් පැවසූහ.

කෙසේ වෙතත් මේ වන තුරුත් ගිනි තැබූ පුද්ගලයින් කව්රුන්ද යන්න හඳුනාගෙන නොමැති අතරම මුලතිව් පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

ගින්න හේතුවෙන් ධීවර වාඩි හා බොට්ටු වලට අමතරව ධීවර වාඩියේ තිබූ මසුන් අල්ලන දැල් ආම්පන්න ඇතුලු ධීවර ආම්පන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වාඩියේ ධීවර බොට්ටු 40 ක් පමණ යොදා ධීවර කටයුතු වල නිරතවන හෙයින් සිදුව ඇති විනාශයට වන්දියක් ලබා දෙන ලෙසද සෙම්මලෙයි ධීවරයින් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

One Comment to “ධීවර ගම්මානයකටම ගිනි තබයි..”

  1. fass says:

    Mun hari akamathi pitin kattiya enawata, ethakota munta ona Jawaram tika karaganna beriwenawane Tamilnadu ewun ekka, ekata thamai me game eka munma gahaganne

Main News