ධීවර දැලකට කිලෝ 101 ක මාළුවෙක් හසුවෙයි

March 6, 2019 at 2:03 am | lanka C news
ධීවර දැලකට කිලෝ 101 ක මාළුවෙක් හසුවෙයි

යාපනය පාසිඌර්හි මුහුදු ගිය ධීවරයින් පිරිසකට කිලෝ ග්‍රෑම් 101ක් බරින් යුක්ත මෙතෙක් හමු නොවූ මාළුවෙකු දැලක පැටලී සිටියදී හමු වූ බවට එම ධීවරයින් පැවසූහ.

අදාල ධීවරයා ගොඩට ගෙන ඒමෙන් පසුව මිලක් නියම කිරීම සඳහා වෙන්දේසියකට ඉදිරිපත් කලද අදාල මත්ස්‍ය විශේෂය මීට කිලන් කිසිවෙකුත් නොදැනීම හේතුවෙන් කිසිවෙකුත් අදාල මතස්‍යා මිලට ගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් උදෑසන එම මත්ස්‍යා  යාපනයේ මාළු වෙළඳසැලට රැගෙනවිත් අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

අදාල මත්ස්‍ය විශේෂය මීට කලින් උතුරේ ධීවරයින් හට හමු වී නොමැති නිසාවෙන් මාළු පාරිභෝගිකයින්ද නොදන්නා නිසාවෙන් අදාල මත්ස්‍යා අලෙවි කිරීමට තරමක් අසීරු බවත් පාසිඌර් ධීවරයින් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,315 Viewers
Main News