ධීවර දැල්වල සර්පයෝ තොග ගණන් පැටලෙති.. සුනාමි බියකින් නැගෙනහිර වෙලී යයි..

December 4, 2017 at 1:20 pm | lanka C news
ධීවර දැල්වල සර්පයෝ තොග ගණන් පැටලෙති.. සුනාමි බියකින් නැගෙනහිර වෙලී යයි..

තම දැල්වල විශාල වශයෙන් මුහුදු සර්පයන් පැටලී ඒම නිසා මඩකළපු නාවලඩි ප‍්‍රදේශයේ ධීවර ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවද චැඩි ලෙස බියපත්ව සිටිති.

ඔවුන් පවසන්නේ මෑත කාලයේ සිට මුහුදද රළු ස්වභාවයක් ගෙන ඇති බවත් මෙමගින් පෙන්වන්නේ යම් කාලගුණ විපර්යාසයක් සිදුව ඇති බවත්ය.

මෙරටට බලපෑ සුනාමි ව්‍යවසනයේදීද මඩකළපු මුහුදෙන් මේ ආකාරයෙන්ම සර්පයන් විශාල ලෙස මතු වූ බවද් ජනතාව පවසති.

මීට හේතුව කුමක්දැයි සොයා ඊට නිසි පියවරක් ගත යුතු යයිද ඔවුන් කියා සිටිති.

මෙම තත්වයන් නිසා තම රැුකියා කටයුතු මෙන්ම සාමාන්‍ය ජීවිතයද ගත කරන්නේ දැඩි අපහසුවෙන් බවත් ඔවුන් පවසති.

150 views

3 Comments to “ධීවර දැල්වල සර්පයෝ තොග ගණන් පැටලෙති.. සුනාමි බියකින් නැගෙනහිර වෙලී යයි..”

  1. Amda says:

    Must be looking for their relatives..if we offer the sarpai among the 225, they’ll spare us

  2. මෛත‍්‍රී says:

    කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්, සුනාමි බිය.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත‍්‍රී

Main News