ධීවර බොට්ටුවකට ගිනි තබයි..

July 29, 2018 at 2:13 am | lanka C news
ධීවර බොට්ටුවකට ගිනි තබයි..

යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පදිංචි සෙබමාලෙයි සුජීපන් නැමත්තාගේ අදාල ධීවර යාත්‍රාව රාත්‍රිෙය් ධීවර කටයුතු සඳහා ගොස් ආපසු පැමිණ ධීවර ජැටියේ නවතා දමා තිබියදී මෙසේ ගිනි තබා ඇත.

රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනාකමකින් යුත් බොට්ටුවත් එන්ජිමත් ගිනිතැබීම හේතුවෙන් සමපූරණයෙන්ම විනාශ වී ඇති අතර ගිනිතැබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views