ධීවර යාත්‍රාවක් පෙරලී වෙරලට ගොඩගසයි.. විපතට පත් ධීවරයින් අතුරුදහන්…
December 31, 2018 at 5:30 pm | lanka C news
මුලතිව් වලයාලමඩම් මුහුදු ප්‍රදේශයේදී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත්යැයි සැකකෙරෙන යාත්‍රාවක් පෙරලී මුහුදු වෙරල දෙසට ගොඩගසා ඇති අතර අද (31) දිනයේදී අදාල යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
වලයාල මඩමු මුහුදු තීරයේදී පෙරලී ඇති අදාල ඉන්දියානු බොට්ටුව ආන්ද්‍ර ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට සැක පල කරන අතර මුහුදු වෙරල දෙසට පාවෙමින් ආ අදාල බොට්ටුව ඊයේ (30) සවස ධීවරයින් දැක ඒ පිළිබඳව අසල පිහිටි 68 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් පිරිසකට දැනුම් දීමෙන් පසුව යුද හමුදාවේ ට්‍රැක්ටරයක් යොදා ධීවරයින්ගේද සහය ඇති ගොඩට ඇදීමට උත්සහ දැරුවද එම උත්සහය අසාර්ථක වී ඇත.
නමුත් අද (31) උදෑසන මුලතිව් පොලීසියේද සහය ඇතිව අදාල යාත්‍රාව ගොඩට ඇදීමට පියවර ගෙන ඇති අතර පෙරලුන බොට්ටුවේ සිටි ධීවරයින් පිළිබඳව මේ වන තුරුත් කිසිදු තොරතුරක් නොමැති බවටද බොට්ටුව පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
okun tama me rata kanne